Saturday, November 30, 2019

මම ලිනක්ස් වලට මාරු උනා

මගේ පන වගේ හිටපු ලැප් එකේ mother board එක පිච්චුන නිසා අලුත් එකක් දාගත්ත. හැබැයි කලින් තිබුනේ core i 5 එකක් උනාට අලුතෙන් දාන්න උනේ core i 3 එකක්. පට්ට අවුල්. windows boot වෙන්නම යනවා විනාඩි 5ක් විතර. ඊට පස්සේ chrome එක open කළා කියන්නේ කිසිම app එකක් ආයිත් ඉතින් මේ කපේට open වෙන්නේ නෑ. අනේ ඉතින් මේ දුක ඉවසගෙන මාස දෙකක් විතර ඇදගෙන ගියා. අන්තිමේ ඉවසීමේ සිමාව පැන්න. මේ කලබලේ ලැප් එකක් ගන්න සල්ලි නෑ. වෙන විසදුමක් බැලුව. ram එකත් අවුලක් නෑ. අවුල තියෙන්නේ processor එකේ. 100% වැඩ .

windows දාගෙන නම් මේ වැඩේ කරන්න බැරි නිසා බැලුව ලිනක්ස් වලට මාරු වෙලා බලන්න ඕන කියල. එක සැරේට ඔක්කොම අතැරලා මාරු වෙන එක නුවනට හුරු නැති නිසා dual boot වෙන්න එක එක ලිනක්ස් ඒවා අත්හදා බැලුව. මුලින් puppy linux දැම්ම. සුටුස් ගාල boot නම් වෙනවා හැබැයි හරි කැතයි. දඩි බිඩි පොඩි වැඩ වලට නම් හොදයි. දන්නේ නැති නම් වලින් inbuilt app ගොඩයි.  ප්‍රශ්න වැඩි.



ඊට පස්සේ බැලුව උබුන්ටු දාල. ඒක නම් සුපිරි ඕන විදියට හදාගෙන ලස්සනට වැඩ කරන්න පුළුවන්. ඕන තරම් ඇප් ඒවත් තියෙනවා. දවස් කීපයක් මම වැඩ කළා. එත් මම බලාපොරොත්තු උනා වගේ හොද ප්‍රතිපලයක් ආවේ නම් නෑ. උබුන්ටු windows වලට වඩා ගොඩාක් ස්පීඩ් උනාට rendering අවුලක් මට ආව. සිංහල අකුරු නිකන් තඩි කැත ඒවා තියෙන්නේ. ඉංග්‍රීසිත් ඒ වගේ. දන්නා සෙල්ලම් ඔක්කොම දාල settings වෙනස් කරලා බැලුවා හරි ගියේ නෑ. windows  වල වගේ ලස්සනට කියවන්න ලියන්න අමාරුයි. රැවුලත් ඕන කැඳත් ඕන. ස්පීඩ් විතරක් තිබිල මදි මට ලස්සනත් ඕන


එකත් delete කරලා මම අහල තිබුන os එකක් දැම්ම. mint කියල. පට්ටම සැහැල්ලුයි os  එක නම්. පෙනුම වැඩ ඔක්කොම windows වගේම තමයි හැබැයි ඉතින් උබුන්ටු බේස් කරලයි හදල තියෙන්නේ. උබුන්ටු app ඒ විදියටම install  වෙනවා. ඕනවට වඩා කෝලම් නෑ. ටක් ගාල boot වෙලා බබා වගේ වැඩ. මීට කලින් උබුන්ටු වල උනත් රැම් එක සැහෙන ගියා. හැබැයි මේකේ 2GB වලට වඩා යන්නේ අඩුවෙන්. දැන් සතියක් විතර වැඩ කළා. windows එකත් මම වෙනම තියන් හිටියට මේකේ ස්පීඩ් එකයි ලස්සනයි හින්ද  මට දැන් windows වලට වඩා මේක ඇබ්බැහි වෙලා. පොඩි පොඩි අවුල් තිබුනට මේ වෙලාවේ හැටියට mint linux එක මට හොදටම හොදයි.




2 comments:

Anonymous said...

NEVER WINDOWER,

Anonymous said...

Linux is very very GOOD! Keep it. But if you want to boot windows fast on a this computer, plugin a 120GB or bigger SSD