Showing posts with label technology. Show all posts
Showing posts with label technology. Show all posts

Friday, August 28, 2020

ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර - 2



මේ පෝස්ට් එක ලියන්න කලින් සෑහෙන දවස් අරන් හිතුවා මේ වගේ පෝස්ට් එකක් ලියන එකේ තේරුමක් තියෙනවද කියලා.  මේක කලින් පොස්ට් එකේ දෙවැනි කොටස.

කලින් පෝස්ට් එක ලිව්වේ දිගට මේ මාතෘකාව ගැන කතා කරනවා කියලා හිතලා ඒත් මට තේරුණා මේක තව මාස ගානකින් වලංගු නැතිව යනවා.ඒ නිසා හැමදාටම පොදු නැති දෙයක් ගැන  දිගට ලියන එක නවත්තන්න හිතුවා. 

මම කලින් පෝස්ට් එකේ කිව්වා ෆෝන් category තුනක් තියෙනවා කියලා. ඒ තුන වෙනස් වෙන්නේ නැතිව තියෙයි දිගටම. මෙන්න මේවා තමයි හැමදාම වලංගු වෙන දේවල්. ගන්න කලින් මේවා ගැන හිතන්න

  1. හොඳම ෆෝන් හොයන්න එපා. එහෙම එකක් නෑ. මොකක්ද හොඳම ෆෝන් එක කියන ඒක වැරදි ප්‍රශ්නයක්. ඒක අහන්න ඕන මගේ අතේ මෙච්චර ගානක් ෆෝන් එකකට වියදම් කරන්න පුළුවන් සල්ලි තියෙනවා මොකක්ද මේ ගානට ගන්න පුළුවන් හොඳ ෆෝන් එක. අවශ්‍යතාව අඳුරගෙන තමන්ගේ වියදමට හරි යන එකක් ගන්න.

  2.  ඔයා හෙන සල්ලි කාරයෙක් නෙවෙයි නම් high end ෆෝන් වලට යන්න එපා. සල්ලි අපරාදේ. ඒ ෆෝන් ඒකේ features වලින් බාගයක් සාමාන්‍ය කෙනෙක් පාවිච්චි කරන්නේ නැති බව හොදට බැලුවම තේරෙයි.  උදාහරණයක් විදියට ඉඳලා හිටල වත් ට්‍රිප් එකක් වත් යන්නේ නැති කෙනෙක් ෆොටෝ ගහන්නේ නැති කෙනෙක් කැමරා පහක විතර ෆෝන් එකක් ගන්න වියදම් කරන එක අපරාදේ. High end ෆෝන් ඇත්තටම ගහන්නේ කොම්පැණි අතර තමන්ගේ තත්වේ පෙන්නන්න. සල්ලි තියෙන මිනිස්සු ඒව පාවිච්චි කරන්නේ  තමන්ගේ තත්වේ පෙන්නන්න. එහෙම කෙනෙක්ට අද ෆෝන් එකක් අරන් හෙට විසික්කරන්න පුළුවන්. ඒත්  ඉතින් සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක් එහෙම ෆෝන් එකක් අරන් ඒ වියදම කවර් කරන්න මාස ගානක් හම්බ කරන ඕන. එහෙම එකක් ගත්තත් පරිස්සම් කරන්න තඩි cover එකක් දැම්මාම දකින කෙනෙක්ට සාමාන්‍ය ෆෝන් එකකින් වෙනස් කරලා අදුරන්න බැහැ. අනික ඒක නිකන් හරි කඩලා ගියොත් හදන්නත් වියදම වැඩි. හදන්න බැරි වුනොත් පාඩුව දරන්නත් අමාරුයි. ඒ වගේ ෆෝන් එකක් අරන් අවුරුදු ගානක් පරිස්සම් කර කර ඉන්නවාට වඩා හොදයි අඩු මිල ෆෝන් එකක් අරන් අවුරුද්දක් පාවිච්චි කරලා ඊළග අවුරුද්දේ එන අලුත්ම ෆෝන් එකකට මාරු වෙන එක. 

  3. අනිත් අයගෙන් උපදෙස් ගන්න එපා. ෆෝන් එකක් ගන්න ඕන මේ මේ දේවල් කරන්න කියන එක පුද්ගල අනුබද්ධ දෙයක්. හිතන්න game ගහන කෙනෙක්ගෙන් ෆොටෝ ගහන කෙනෙක් ඇහුවොත් මොකක්ද හොඳම ෆෝන් එක කියලා හරි උත්තරයක් ලැබෙන්නේ නෑ.

  4. තමන්ට ෆෝන් එකේ කරන්න ඕන මොනවද කියලා ලිස්ට් එකක් හදාගෙන ඒකට ගැලපෙන ෆෝන් එකක් ගන්න. Game ගහන කෙනෙක් නම් camera ගොඩක් තියෙන ෆොටෝ ගහන්නම හදපු ෆෝන් එකක් නැතිව හොඳ ram එකක් සහ GPU එකක් තියෙන ෆෝන් එකක් බලන්න.
     
  5. ෆෝන් එක mid range එකක් නම්  වටේ cover කරන්නේ නැතිව ඕන නම් screen guard එකක් දාගෙන ෆෝන් ඒකේ රියල් experience එක ගන්න. බර වැඩ කරන කෙනෙක් නම් එහෙම කලට කමක් නෑ. ගොඩක් හිනී ෆෝන් එකක් අරන් තඩි cover එකක් දැම්මාම පරණ කාලේ ගෙඩිය වගේ ටීවී එකක් අතේ අරන් යනවා වගේ. මීඩ් range ඒව ගණන් අඩු නිසා වැටිලා කඩලා ගියත් අලුත් එකක් ගන්න පුළුවන්. 

  6. ගන්න ෆෝන් වලට පණ වගේ ආදරේ කරන්න එපා. එකේ කිසිම තේරුමක් නෑ. Technology එක වෙනස් වෙලා අලුත් ඒව එළියට එනවා. ඒ නිසා ගන්න ෆෝන් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අරන් ටික කාලෙකින් අලුත් එකක් ගන්නවා කියලා හිතාගෙන පාවිච්චි කරන්න. 

  7. පුළුවන් තරම් OLED හරි AMOLED හරි ඩිස්ප්ලේ තියෙන ෆෝන් ගන්න. ඒවලින් ඇහැට පෙන්නේ ඇත්තම වර්ණ. LCD ඒව ගොඩක් ගණන් අඩුයි. ඒත් ඒවට අහු වෙන්නේ එපා. ඇස් වලටත් අමාරුයි. 
  8. තනියම Research කරන්න. https://www.gsmarena.com/ වගේ සයිට් වලට ගිහින් ෆෝන් අනිත් ඒවත් එක්ක compare කරලා බලන්න. 

  9. ෆෝන් එකක් inernet එක බලලා, ගන්නවා කියලා එක සැරේට තීරණය කරන්න එපා. දැන් කඩවල්  box වලින් එළියට අරන් බලන්න දෙන්නේ නැති නිසා showroom එකකට ගිහිල්ලා පොඩ්ඩක් අතපත ගාලා බලන්න.

  10. Camera වෙන් වැඩක් ගන්න හිතන කෙනෙක් නම් සෑහෙන හොයන්න ෆොටෝ quality එක ගැන. සමහර ෆෝන් තියෙනවා ලොකුවට කැමරා ගොඩක් සහ MP ගාන ලොකු උනාට quality එක අඩුවෙනවා. එහෙම වෙන්නේ ඇතුලේ chip ඒවා හොඳ නැති නිසා. Camera ගැන කතා කරන්න වෙනම පෝස්ට් එකක් ලියන්නම්.



Image by Foundry Co from Pixabay








Sunday, August 9, 2020

ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර

ගොඩක් මිනිස්සු තම තමන්ගේ අතේ තියෙන ගානට වැඩියෙන් දුරකථන මිලදී ගැනීමට වියදම් කරනවා. එහෙම කරලා ලොකු ෆෝන් එකක් අරන් එකෙන් කරන්නේ මොනවද? facebook වගේ social  media එකකට යනවා ෆොටෝ ගහනවා නැත්නම් youtube  එකේ video  එකක් බලනවා. ඉඳල හිටලා එකෙක් ඉන්නවා game ගහන්නම ෆෝන් ගන්න අය. 

තව කොටසක් ඉන්නවා තමන්ගේ තත්වේ පෙන්නන්න සමාජේ කැපී පේන්න, මම පෝසත් කියල පෙන්නන්න අතේ සල්ලි ඔක්කොම වියදම් කරලා තඩි ෆෝන් ගන්නවා. හැබැයි ඇත්තම සල්ලි තියෙන මිනිස්සු පට්ට පරණ කබල් බොත්තම් ඔබන ෆෝන් තමයි පාවිච්චි කරන්නේ? සල්ලි නැතිව නෙවෙයි. එකක් තමයි එයාලට ඉක්මනට කෝල් එකක් ගන්න එක තමයි ප්‍රධානම දේ. අනික ෆෝන් එකේ game ගහන්න වෙලාවක් නෑ. ඒ හින්ද මොලේ කල්පනා කරලා තමන්ගේ අවශ්‍යතාවට හරියන ෆෝන් එක තමයි බිස්නස් කරන අය තෝරා ගන්නේ. ඒකනේ ඒ මිනිස්සු අපිට වඩා සල්ලි හම්බ කරන්නේ සහ ඉතිරි කරන්නේ.

අපිට මාර්කට් එකේ තියෙන දුරකථන මිල අනුව වර්ග තුනකට බෙදෙනවා. 

  1. low range 
  2. mid range
  3. high end

low end /low range කියන්නේ බොහොම පොඩි මිල අඩු ෆෝන් ජාති. SAMSUNG ,HUWAWEI, NOKIA වගේ අය විතරයි මේවා ගහන්නේ. බටන් ඔබන ඒවා සහ  android go කියන android os එකේම lite version එකක් එක්ක ආපු ෆෝන් ජාතිත් මේ ගණයටම වැටෙනවා. ගොඩක් අය රැවටිලා අරන් අමාරුවේ වැටෙනවා. මොකද හෙන ලස්සනට තිබුනට මේකෙන් ලොකු වැඩ කරන්න බෑ. අනික සමහර වෙලාවට ඇප් එන්නෙත් නෑ. 

mid range ෆෝන් තමයි ලෝකේ ගොඩක් විකිනෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කෙනෙක්ට දරන්න පුළුවන් ගානට මේවා තියෙන නිසා. 

high end ෆෝන් කියන්නේ තාක්ෂනය උපරිමෙන් දාල උපරිම ලස්සනට හදන ෆෝන්. ඒ වගේම උපරිමෙන් වියදම් කරන මිනිස්සුන්ට ගහන ඒවා. අපේ දුප්පත් රස්සාවල් කරන කොල්ලෝ කෙල්ලොත් මාස ගානක පඩි එකතු කරලා ගන්නවා. APPLE බ්‍රෑන්ඩ් එක කෙලින්ම ටාගට් කරන්නේ high end මාකට් එක. 

ෆෝන් එකක් ගන්න කලින් ගොඩක් යාලුවෝ මගෙන් අහනවා මොකක්ද හොද ෆෝන් එක කියල. මම එතකොට අහන්නේ අතේ වියදම් කරන්න පුළුවන් ගාන කීයද කියල. හොද ෆෝන් කියල දෙයක් නෑ. අද ෆෝන් එක හෙට හොද නෑ අලුත් එකක් ආවම. වියදම් කරන්න පුළුවන් ගාන අනුව අපිට කියන්න පුළුවන් ඒ මනුස්සය මොන range එකේ ෆෝන් ද හොයන්නේ කියල. අන්න ඒ ගාන කිව්වම මම අහන්නේ මොකක්ද අවශ්‍යතාවය කියල. ඒ අනුවයි ෆෝන් එක ගන්න ඕන.

මට පෙන්නේ හිතුවට වඩා මේ ලිපිය දිග වෙයි වගේ. මෙතනින් නවත්තල තව එකක් විදියට ඉතිරි ටික ලියන්නම්.


Image by Free-Photos from Pixabay

Thursday, June 18, 2020

උබුන්ටු වල සිංහල පේනවා අවුල්ද?




මට කොහොමත් linux අමාරුව තියෙනවා කියලා දන්නෝ දනිති. පහුගිය ටිකේම කලේ එක එක ජාතියේ linux distributions ඩවුන්ලෝඩ් කර කර බලන එක. මට ඕන උනේ සදහටම බාවිතා කරන්න හොදම එකක් තෝරා ගන්න. linux expert නොවුනට අන්තිමේ දී මට පරම සත්‍ය අවබෝධ උනා. ඒ කියන්නේ ඔක්කොම ජාති එකයි. 

Debian, Ubuntu , Lubuntu, Kubuntu, Mint, Zorin, Popos, Elementary os , Manjaro, Redhat,  Knopix, Puppy linux, Fedora.. 

එකී මෙකී නොකී ඔක්කොම මම අත්හදා බැලුවා. පාඩුවක් උනේ නෑ. කවුරු හරි මුලින් කිව්වා නම් මචන් ඔක්කොම linux os එකම තමයි කිව්වා නම් මම පිළිගන්නේ නෑ. ඒත් install කරලා කරලා වරු ගණන් චාටර් වෙලා අවුල් ගිහිල්ලා ගුග්ල කරලා උත්තර හොයලා ගත්ත අත්දැකීමෙන් අන්තිමේ මම ඒක තේරුම් ගත්තා. ගින්දරට අත පිච්චෙනකන් පොඩි එවුන්ට ගින්දර එහෙම අල්ලන්න එපා කිව්වට අහන්නේ නැහැනේ. අන්න ඒ වගේ.

වෙනස තියෙන්නේ බාවිතා කරන package සහ desktop  environment  එක වෙනස් වෙන එක විතරයි. ලිනක්ස් කර්නල් එක වෙනසක් නෑ. Windows වගේ නෙවෙයි ලිනක්ස් වලදී අපිට කැමති distribution එකක් අරන් අපිට ඕන විදියට අපේ os එකක් හදාගන්න පුළුවන්. නිදහස් මෘදුකාංගයක් නිසා මේක ඇතුලේ යකා නටන්න පුළුවන්. 

මේ කියන්න යන්නේ මගේ ගොන් කමක් තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගිය විදිය ගැන සහ ඒ ගොන් කම තව කෙනෙක් කරන්න කලින් එකෙන් බේරාගෙන වේලාව ඉතුරු කරලා දෙන්න

මම මුලින් පාවිච්චි කාලේ උබුන්ටු. ආධුනික කෙනෙක් ගේ මුල්ම තේරීම උබුන්ටු හරි මින්ට් හරි තමයි. ටිකක් පරිණත වෙනකොට හිතෙන්න ගන්නවා නිදහස මදි කියලා. ඔන්න එතකොට අපිට ඕන වෙනවා දරුණු ගණයේ OS. අමු අමුවේ ගහන ඒව Arch ලිනක්ස් වගේ ඒව. 

කොහොම හරි Ubuntu දාපු ගමන් මම අයින් කළා. වෙන හේතුවක් නිසා නෙවෙයි ඒ දවස් වල මම දන්නේ නෑ සිංහල ෆොන්ට් පේන විදිය වෙනස් කරන්න පුළුවන් කියලා. උබුන්ටු වල සිංහල පේන්නේ වස කැත විදියට. ඇස් දෙකට හරි අමාරුයි. කියවන්න ආස හිතෙන්නේ නෑ.



දන්නේ නැති කමට මම වෙන වෙන ඒව install කර කර බැලුවා. අන්තිමේදී මට සෙට් උනා Manjaro linux එක. සිංහල නිකන් මුතු ඇට වගේ ලස්සනට පේනවා. පට්ට ලස්සනයි KDE කියන ඩෙස්ක්ටොප් එක නිසා. හැබයි ඒකෙත් කොස්සක් තියෙනවා. වැඩිය software නෑ. official ඒවා direct ගන්න නෑ. වෙන කෙනෙක් redistribute කරපු එකක් තමා ගන්න ඕන. නැත්නම් source code එකම ගන්න ඕන.මට ඕක වැඩිය ෂුවර් නෑ. ගූගල් ක්‍රෝම් උනත් support නෑ. (ලිනක්ස් දන්න එකෙක් මේක කියවලා කියයි ඇයි chromium තියෙන්නේ කියලා. නෑ.. බෑ.. මට ගූගල් ක්‍රෝම් ම තමයි ඕන. )  

අමාරුවෙන් වැඩ කරන්න ඕන නැහැනේ කියලා තව තව ඒව බැලුවා. ඔන්න යන්තම් කුබුන්ටු ඒ කියන්නේ උබුන්ටු එකේම වෙන flavour එකක් සෙට් උනා. 

Kubuntu තමයි වැඩිම කල් මම පාවිච්චි කරපු එක. ඔන්න ඔහොම ටික දවසක් යද්දි දැන් පොඩ්ඩ පොඩ්ඩ linux වල වැඩ දානකොට තමයි මට තේරුනේ මේ os වල එන built in font එකක් නිසා තමයි මේ සිංහල කැතට පේන්නේ කියලා. මේක ගැන හොයලා හොයලා හොයලා අන්තීමේ යන්තං විසදුමක් හොයා ගත්තා. 

එහෙනම් වැඩේට බහිමු.

1. මුලින් මේ සයිට් එකෙන් Noto sans sinhala  ෆොන්ට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. sinhala  කියල සර්ච් කරාම ඇති. 


zip ෆෝල්ඩර් එකක් විදියට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒක එහෙම තියන්න. 

2. දැන් Terminal එක Open කරලා, මේ Command එක ගහන්න

fc-list :lang=si

එතකොට මෙහෙම එකක් එයි

මේ කියන්නේ සිංහල ෆොන්ට්ස් දෙකක් තියෙනවා මගේ විදියට නම් ඔයාලට ඊට වඩා එන්න පුළුවන්.

3. ඒ එකින් එක අරගෙන delete  කරන්න. එහෙම නැත්නම් මගේ තියෙන විදියට නම් FreeSerif.ttf සහ lklug.ttf  කියන ෆොන්ට් අයින්  කරන්න ඕන  නම් 

sudo rm /usr/share/fonts/truetype/freefont/FreeSerif.ttf

sudo rm /usr/share/fonts/truetype/Sinhala/lklug.ttf

කියල ගැහුවම හරි. මෙහෙම ඔක්කොම තියෙන ෆොන්ට්ස් අයින් කරලා දාන්න. 
ඔක්කොම හරිද බලන්න ඕනා නම් 
fc-list :lang=si  
මේ කමාන්ඩ් එක ආයිත්  ගැහුවම මුකුත් එන්න බෑ

4. දැන් ගිහින් බලන්න font  manager  කියල ඇප්  එකක් තියෙනවද කියල.  තියෙනවා නම් ඕපන්  කර ගන්න නැත්නම් install  කරගන්න.

5. දැන් + එක ක්ලික් කරන්න 



6. යන්න අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් zip ෆයිල් දෙකට. දෙක වෙන වෙනම සිලෙක්ට් කරන්න.  දැන් මෙහෙම පෙන්න ඕන. 



7. දැන් ගිහින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් නම් ක්ලෝස් කරලා ආයිත් ඕපන් කරලා සිංහල සයිට් එකකට ගිහින් බලන්න.


මේ වගේ අකුරු රවුම් වෙලා ලස්සනට එයි. 


ඔන්න ඔහොම ඕනෑම linux  OS  එකකට ලස්සනට සිංහල පෙන්න හදා ගන්න පුළුවන්. මේක මමත් ඉගෙන ගත්තේ පහල තියෙන සයිට් වලින් .මේ බ්ලොග් දෙකම රසවත් විදියට පැහැදිලි කරනවා සිංහල ලස්සනට පෙන්නන විදිය.  මේ බ්ලොග් දෙකම දැන් පරණයි. ඒ නිසා කතාව මගේ අත්දැකීම් එක්ක අලුතින් ලියන්න ඕනා කියලා මම හිතුවා.