කොහේදෝ මන්දා පොතක තිබුනා මගතොටදී කවුරු හරි දැක්කම මල්ලි කියනවා නම් තාම තරුණයි, අයියේ කියනවා නම් දැන් ටිකක් තරුණකම පහු වෙලා, අන්කල් කියනවා නම් දැන් මැදිවියේ, සියේ කියනවා නම් දැන් උබ නාකි කියලා. ඇත්තම කතාව තමන්ගේ වයස ගෙවිලා යනවා තමන්ට තේරෙන්නේ නෑ.
සමහරු ඉන්නවා තමන් ඉන්න වයස මොකක්ද කියල දැනගෙන වැඩ කරනවා, හැබැයි සමහරු තමන් දැන් වයසයි කියලා දන්නේ නෑ, තවත් පිරිසක් ඉන්නවා මම දැන් නාකි කියාගත්ත ගමන්මයි ඉන්නේ. මේ අතරින් මම නම් වැඩියෙන් දකින්නේ දෙවැනි හා තුන්වෙනි පිරිස.
තමන් ඉන්න වයස මොකක්ද කියල දන්නා පිරිස අනාගතේ ගැන හිතල හොදට ප්ලැන් ගහනවා. උන් ගැන කියන්න දෙයක් නෑ උන් ගොඩම තමයි. හැබැයි තමන්ගේ වයස අමතක පිරිස තමයි අවුල්. උන් ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නේ නෑ ඉස්කෝලෙන් අවුට් වෙලා දන්නෙම නෑ. ඊට පස්සේ රටේ තියෙන ඔක්කොම කෝසස් වලට යනවා දෙමවුපියන්ගේ සල්ලි වලින්. රස්සාවල් කරන්න ඕන කාලේ රස්සාවල් කරන්නේ නෑ රස්සාවකට යන්න බැරි විදියට වයසට යනවා දන්නේ නෑ. ඔන්න එක සැරේට රස්සාවල් හොයන්න ගන්නවා එතකොට රස්සාවල් නෑ. ආදරේ කරන්න ඕන කාලෙ ඒක කරන්නෙත් නෑ නාකි වෙන්න යනකොට ඔන්න මද කිපෙනවා. ඊට පස්සේ ගෙවල් වල මිනිස්සුන්ට හිසරදේ අපේ කොල්ලට, අපේ කෙල්ලට තාම කසාදයක් කරගන්න බැරිඋනා කියා කියා ඉතින් හදහන් උස්සන් යනවා දහ අතේ. ඊට පස්සේ අමාරුවෙන් හරි හොයල දෙන මනුස්සයාගේ ඇද කියන්න ගන්නවා. ලස්සන නෑ , උස නෑ , සුදු නෑ , අදහස් ගැලපෙන්නේ නෑ. ඊට පස්සේ කෙල්ලෙක්ට බස් එකක යන්නවත් නැතිවෙනවා. (හොදට බලන්න බස් වල යන කාන්තාවන්ට අතවර වෙන්නේ තරුණ ඒ කිව්වේ යොවුන් වියේ කොල්ලොන්ගෙන් නෙවෙයි. ඒක ගැන වෙනම ලියන්න වෙනවා. එක්කෝ නොලියම ඉන්නම්).
කොහෙද අපි හිටියේ ? කසාදෙ... හරි දැන් ඒ ඔක්කොමත් කර ගත්තා කියමු , දැන් ඔන්න ඔය ඔක්කොම සෙල්ලම් දාල ඉවර වෙනකොට අවුරුදු පනහ පැනල. ඔන්න දැන් කට්ටියකට පන්සල් යන්න ඕනා වෙනවා. මේක ඉතින් වැඩිපුර දකින්නේ කාන්තාවන්ගෙන් තමයි. ඊට පස්සේ කාන්තාවන් ඉතින් පෝයක් පෝයක් ගැනේ පන්සල් යන අතරේ පිරිමි පාර්ශවය දේශපාලනය සහ ගැඹුරු සමාජ සාරධර්ම පිලිබඳ කතා කරන්න ගන්නවා. තවත් අය තරුණ පිරිසට බනින්න ගන්නවා. උබලගේ කාලේ අපි ඔහොම නෙවෙයි මෙහෙමයි කිය කියා.( උන් ඒ කාලේ ඊට අන්තයි කියල උන්ට මතක නෑ.)
කොහෙද අපි හිටියේ ? කසාදෙ... හරි දැන් ඒ ඔක්කොමත් කර ගත්තා කියමු , දැන් ඔන්න ඔය ඔක්කොම සෙල්ලම් දාල ඉවර වෙනකොට අවුරුදු පනහ පැනල. ඔන්න දැන් කට්ටියකට පන්සල් යන්න ඕනා වෙනවා. මේක ඉතින් වැඩිපුර දකින්නේ කාන්තාවන්ගෙන් තමයි. ඊට පස්සේ කාන්තාවන් ඉතින් පෝයක් පෝයක් ගැනේ පන්සල් යන අතරේ පිරිමි පාර්ශවය දේශපාලනය සහ ගැඹුරු සමාජ සාරධර්ම පිලිබඳ කතා කරන්න ගන්නවා. තවත් අය තරුණ පිරිසට බනින්න ගන්නවා. උබලගේ කාලේ අපි ඔහොම නෙවෙයි මෙහෙමයි කිය කියා.( උන් ඒ කාලේ ඊට අන්තයි කියල උන්ට මතක නෑ.)
හොදම සීන් එක තියෙන්නේ තුන් වෙනි පිරිස , ඒ කොටස හැදෙන්නේ ටිකක් තරුණ වයස පහු වෙනවත් එක්කම. ජිවිතේ වෙන මොකක් හරි කඩා වැටීමක් නිසා මේ පිරිස හැමෝටම කියන්න ගන්නවා දැන් මම නාකි හෙට අනිත්ද මැරෙන්න ඉන්නේ. දැන් මට කොල්ලෝ කාලේ කරපුව කරන්න බෑ. මට ඕන බණක් බාවනාවක් කරගෙන පාඩුවේ ඉන්න. දැන් මේ නහින දෙහින කාලේ මට බෑ ඕව කරන්න. මේ වගේ නාකි නාකි කියල කිසිම දෙයක් නොකර ඉන්නවා. හැබැයි මේ කට්ටියගෙන් සමහරු කසාද බැදලත් නෑ, රස්සාවල් කරලත් නෑ , සමහරුන්ගේ ළමයි තම පොඩි එවුන්.
මේ මට හිතුන විදිය. තමන්ගේ වයස තියෙන්නේ තමන්ගේ ශරීරෙට වඩා හිතේ. ඔවා හදන්නම බෑ උන් හිතලම හැදෙන්න ඕන. තමන් ඉන්න වයස ගැන හිතල ඉස්සරහට ප්ලෑන් ගැහුවේ නැත්නම් තමන්ගේ අන්තිම කාලේ ලේලිලගේ සහ බෑනලාගේ ලොකුකම් බල බල ඉන්න අස නම් ඔහොම ඉන්න. තමන් සමාජෙට හොද දෙයක් කරන්න යනවා නම් වයස ගැන හිත හිතා ඉන්න එපා. සමහර වෙලාවට තරුණ අයට වඩා වයසක අය වටේ කට්ටිය සෙට් වෙනවා හොද දෙයකදී. හැබැයි තමන්ගේ අරමුණ නරක එකක් නම් අන්න එතනදි හොදට හිතන්න මම මේ වයසේ ඉන්නේ මේක මම කරන එක අනිත් අයට සහ පවුලේ උන්ටත් හොද නෑ කියල.
දැන් ඉතින් මට බැනපල්ලා මේක කියවලා.
(මට කොන්දොස්තරලා අයියේ කියල කතා කරන්නේ. තාම නාකි නෑ හරිය...)
No comments:
Post a Comment