Wednesday, November 27, 2019

අපි ඉන්න තැන...



මම පහුගිය සතියේ ගියා දඹුල්ලේ සහ සීගිරියේ. කලින් ගිහිල්ල තිබුනා පොඩි කාලේ. හැබැයි පොඩි කාලේ යනවට වඩා දෙයක් ඔලුවට ගත්ත මේ කාලේ ගියාම. මොකද පොඩි කාලේ අපි ට්‍රිප් ගියාට අපේ ඔලුවට ඕව යන්නේ නෑ. (මගේ ඔලුවට කියල කියමු.)  ඒ කාලේ ගියාම අපි වතුරට බහින්න නැත්නම් සින්දු කියන්න , කඩචෝරු කන්න වගේ දේවල් වලට හිත යොමු කරන නිසා සංස්කෘතිය, පුරාවිද්‍යාව වගේ දේවල් තේරුම් ගන්න නම් යන්න ඕනේ ලොකු උනාම කියලයි මට හිතෙන්නේ.

කොහොමින් කොහොම හරි මට මේ සැරේ සැහෙන කම්පනයක් ආව ඉස්සර කාලේ මිනිස්සු ජිවත් වෙලා තිබිච්ච විදිය කොච්චර දියුණුද කියල. දඹුලු ලෙන් විහාරේ සිතුවම් දැක්කම ඒ මිනිස්සු කොච්චර හිතේ සැනසීමකින් ඉඳල තියෙනවද කියල මට හිතුන. ලොකු ලොකු බලාපොරොත්තු නෑ , රේඩියෝ , ටීවී, ෆේස් බුක් තියා හරියට යානවාහන වත් නෑ. එත් පිළිම නෙලන්න තිබුන හැකියාව, චිත්‍ර අදින්න තිබුන හැකියාව අද කාලෙට සම කරන්න බෑ. ගල්ගුහාවේ මැදින් වතුර බේරෙනකොට එකත් තමන්ගේ කළා කෘතියේ කොටසක් කරගන්න තරම් මේ මිනිස්සු දක්ෂ උනා. මේක මම දන්නේ නෑ හැමෝම දකිනවද කියල




මේ වතුර පාර එන්නේ මට හිතෙන  විදියට එක්කෝ ගල උඩට වැස්ස වැටුනම වතුර එකතු වෙලා හෙමින් හෙමින් වතුර කාන්දු වෙන නිසා. නැත්නම් පොලවේ තියෙන උල්පතක් එලියට එන්න තැනක් නැතුව පීඩනය නිසා ලෙන ඇතුලේ බිත්තියෙන් පිටට එන නිසා වෙන්න ඕන. මම ඒ ගැන දන්නේ නෑ.. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියල දෙනවා නම් පින් සිද්ද වෙනවා.  ඉතින් මේ දිය පාර දිගේ මාළු පිනන චිත්‍රයක් තියෙනවා. මේ වගේ පැලුම් කීපයක්ම මම දැක්ක.ඒ හැම එකක්ම දෙපැත්තේ එකම වගේ  චිත්‍ර තිබුනේ. මේක පෙන්නේ නෑ ඇතුලේ කළුවර නිසා. මේ එන වතුර එකතු වෙන්න පොඩි භාජනයක් තියෙනවා ලෙන මැද්දේ. මිනිස්සු ඒකට සල්ලි විසි කරන්නේ ඇයි කියල නම් මට තේරෙන්නේ නෑ. මේ වැටෙන සල්ලි වතුරේ පෙගෙනවා. මිනිස්සුන්ගේ මේ වැඩේ නවත්තන්න වෙන්න ඕන පැත්තෙන් පිං කැටයක් තියල තිබුනේ. එත් අපේ මිනිස්සු දන්නවනේ. එපා කියන දේම කරනවා. 


අපේ මිනිස්සු සල්ලි දානවා දැකපු සුද්දොත් එකට සල්ලි විසි කරනවා. මට මේක ගැන අදහස් මීට වඩා ප්‍රසිද්දියේ ප්‍රකාශ කලොත් බුද්ධාගමට නිග්‍රහ කළා කියල තමයි බනින්නේ. බුද්ධාග බුද්ධිමත් මිනිස්සුන්ට තේරෙන දර්ශනයක් නිසා බලෙන් තේරුම් කරන්න යන එකේ තේරුමක් නෑ. මම දන්නවා සමහර රටවල් වල පොකුණු වලට කාසි විසික් කරනවා ප්‍රර්ථනා ඉෂ්ට වෙන්න කියල මේකත් ඒ වගේ දෙකට හරවාගෙන වගේ කියල මට හිතෙන්නේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් ඒකත් මට කියල දෙන්න. කොහොම හරි මම අපි කරන දේවල් , අපිට වෙච්ච දේවල් සහ ඉස්සර මිනිස්සු කරපු දේවල් ගැන හිත හිත කම්පා උනා. ඒ මිනිස්සු උගත් නැතුව ඇති, විශ්ව විද්‍යාල උපාධි හතර පහ නැතිව ඇති. එත් උන් හෙන බුද්ධිමත්. උන් වැටෙන වතුර එකතු කරලා වැඩක් ගන්න විදියක් හිතුව අපේ මිනිස්සු ඒ වතුරට සල්ලි විසි කරනවා.

කොහොමින් කොහොම හරි මම තව වටේ කැරකිලා සැහෙන ෆොටෝ ටිකක් නම් ගත්ත. මේ ගල මෙහෙම තිබුනට කලින් මේක පිටිනුත් චිත්‍ර ඇඳලා තියෙන්න ඇති කියන්න හේතුවක් මට ලැබුන. පහල රුපය බලන්න


මේ චිත්‍ර තිබුනේ ගලේ පිටින්. කාලෙත් එක්ක විනාස වෙලා ගිහින් එතන තිබුනා කියන්න සාධකයක් විතරයි තියෙන්නේ. තව දෙයක් කියන්න ඕන මේ ගල්ගුහාව ඇතුලේ බිත්තියේ බදාමයක් තියෙනවා ඒක තට්ටු කීපයකින් තිබිල තියෙනවා කියල හොදට බැලුවොත් පේනවා. බදාමය හදන්න මැටි විතරක් නෙවෙයි පුළුන් හෝ රෙදි වගේ  අමතර ද්‍රව්‍යත් යොදල තියෙනවා කියල මට තේරුණා. ඒ ගැන කියන්න මම විශේෂඥක් නෙවෙයි.

මගදී කරදර කාරයෝ කීපදෙනකුත් මුණ ගැහුන. සමහරු පස්සෙන් එළවන් එද්දී සෙල්ෆි ස්ටික් එක එහෙට මෙහෙට වනලා බේරුනා. නැත්නම් කරේ.  අපිට වඩා සැහෙන සැප පහසුවට සහ සමාජශීලිව කාලය ගත කරනවා දැක්කම ඉරිසියා හිතෙනවා.

අදට ඇති වගේ ලිව්වා. ඕනවට වඩා දිග උනා පොස්ට් එක පින්තුර නිසා. තව ටිකක් ගත්තා ඒවත් බලන්න




No comments: