Monday, December 30, 2019

ඔක්කොම බ්ලොග් එකම තැනකින්



කාලයක් තිබුනා මම බ්ලොග් ඒවා පිස්සෙක් වගේ කියවපු. ඒක වෙනම ආතල් එකක්.  බ්ලොග් බුක් මාක් කරලා බ්‍රව්සරේ ඉඩ මදි උනාම RSS syndicators  වලට මාරු උනා. ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ. කැත interface  එකක් එක්ක කියවන්න ආස හිතුනේ නෑ. එතකොට තමා ඔන්ලයින් සින්ඩි වලට මාරු උනේ.  ඒක නැගලා ගියා. ඉස්සර හොද සින්ඩි ගොඩක් තිබුනා. දැන් තියෙන්නේ ඒවායින් බොහොම ටිකයි. ඒවත් වැහිලා යයිද කියලා සැකයි. අලුත් බ්ලොග් සයිට් ඒවාට එනවා නම් පෙන්නේ නෑ. ඉස්සර බ්ලොග් එකක් සින්ඩි එකකට දාන්න මේල් දාලා ඇප්රුව් කරලා, බැජ් එකක් අපේ සයිට් එකට දාල හෙන සෙල්ලමක් කරන්න ඕනා .ඒකම නිසාද මන්දා මිනිස්සුන්ට එපා උනේ. එක අතකට එහෙම කියන්නත් බෑ. හොස්ටින්ග් චාජ් ඩොමේන් චාර්ජ් බැලුවම වාසියක් නැහැනේ. 

Wednesday, December 25, 2019

ආයිත් සීනි දාපුවා කන්නෙම නෑ

Photo by Sharon McCutcheon on Unsplash

ඉස්සර දවසක මෛත්‍රී මාමා මයිලෝ පැකට් එකක් අරන් "මේවා බොන්න හොඳ නෑ සීනි" කියල කිව්වා මතකද? අපි ඇත්තටම කලේ ඒ මනුස්සයට හිනා වෙච්ච එකයි fb පොස්ට් දාපු එකයි. ජනාධිපති කෙනෙක්ට එහෙම හිනාවෙච්ච රටක් නම් මම දන්නේ නෑ. හැබැයි ඒ මනුස්සයා කිව්ව කතා මොනවා උනත් සිනි ගැන කියපු කතාව 100% ක් ම හරි කියලා මේ ලඟදි  මම බැලුවම තමයි තේරුනේ. සාමාන්‍ය මනුස්සයෙක් ගේ දවසක සිනි පරිභෝජනය The American Heart Association (AHA) එකෙන්  සිමා කරලා තියෙනවා මේ විදියට.

පිරිමි - 37.5 grams or 9 teaspoons
ගැහැණු - 25 grams or 6 teaspoons

මේකත් කියවල බලන්නකෝ බොරු නම්.
https://www.heart.org/en/healthy-living/healthy-eating/eat-smart/sugar/how-much-sugar-is-too-much

Saturday, December 7, 2019

අපේ ගෙදර පුසෝ හෙවත් අනුකම්පාවක් වූ භූමිකම්පාව



සත්තුන්ට අනුකම්පාව දක්වන්නට ගොස් අනුකම්පාව භූමිකම්පාවක් වෙච්ච සිද්ධියක් මට සිද්ධ උනා. මුල ඉදන්ම කතාව කිව්වොත් අපිට කියා අපේ ගෙදර පුසෝ නැත. ඔක්කොම ඉන්නේ වටේ ගෙවල් වල පුසන් ය. මුලදී එක අල්ලපු ගෙදර හිටපු පූසි කෑම වෙලාවට අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියා. සතෙක්ට කන්න දුන්නට මොකද කොච්චර පිනක්ද කියල අපේ ගෙදර අයත් කෑම දුන්න. ටික දවසක් යනකොට මෙන්න එනවා පැටියෙකුත් උස්සන්. ආව පැටියා අපේ වත්තේ තිව්වා ඊට පස්සේ ඇහැක් ඇරලා බැලුවේ නෑ. කෑම කන්න එන වෙලාවට අර පොඩි එකා කිරි බොන්න ලගට ආවත් ගහලා පැන්නුවා.හරියට මේ අපි කරපු දෙයක් වගේ. මොනවා කරන්නද තව පැටියෙක් වැඩි න කියලා ඌටත් ෆුල් පැකේජ් එක දෙන්න ගත්ත. (කිඩ්ස් මීල්) ඒ කිව්වේ අම්ම කිරි දීම ප්‍රතික්ෂේප කරන නිසා ප්‍රධාන ආහාර වලට අමතරව එළකිරි ලබාදීමට සිදු උනා. 

ඔන්න යන්තම් ශේප් එකේ දවස් ගෙවිල යද්දී මෙන්න ලග තිබුන සුපර් මාර්කට් එක ලග පුස් පැටවූ දෙන්නෙක් දාල ගිහින් පවුකාරයෙක්. උන් දෙන්නා දොර ලගට වෙලා ඉන්නවා ඇතුලට යන්න විදියක් හොය හොයා. ඉපදිලා සති දෙකක් වගේ ඇති. උදේ ගියාම තමයි මුලින් දැක්කේ. හවස යද්දිත් ඉන්නවා උදේ වගේ නෙවෙයි දැන් පන නෑ අව්වේ වැටිලා ඉන්නවා අපිව මැරිලම පලයල්ලා කියන්න වගේ. වෙන මොනවා කරන්නද කඩදාසි කොලෙකින් හදපු කවරෙක දාගෙන දෙන්නව අරන් ආව ගෙදර. කොච්චර පොඩි ද කියල එතකොට හිතන්නකෝ.  මහා සෙනගක් එන සුපර් මාර්කට් එකේ හැබැයි හතර පෝයට සිල් ගන්න මිනිස්සු සහ මහා පින් දහම් කරලා ලෝකෙට පෙන්නන මිනිස්සු හිටියා. ආයිත් නෑ මිනිහෙක් ඇහැක් ඇරලා වත් බලලා නෑ කන්න ටිකක් වත් දෙන්න මේ පැටවූ දෙන්නට.

Thursday, December 5, 2019

මුහුදු රළ මගින් විදුලිය නිපදවන්න බැරි හේතු.

ඕනෑම දෙයක චාලක ශක්තියක් විද්‍යුත් ශක්තියට හරවන්න පුළුවන් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුහුදු රළ ඔහේ හැපී හැපී තියෙනවා. ලෝකේ වැඩිම ප්‍රමාණයක් මුහුදෙන් වැහිලා තියෙනවා. මේවා විදුලිය නිපදවන්න යොදාගන්න බැරි ද? පුළුවන් ලංකාවෙත් ඒ ගැන පර්යේෂණ කෙරුණා. එත් ප්‍රශ්න තියෙනවා..

1.  මුහුදු ජලයේ තියෙන ලුණු ගතිය නිසා උපකාරන ඉක්මනට මලකඩ කාලා යනවා. නඩත්තු කරන්න අමාරුයි. වියදම වැඩියි. මිනිස්සුන්ට අමාරුයි වතුර යට මේවා හදන්න යන්න. ඉංජිනේරු වෘත්තිය එකක් කිමිදෙන එක තව එකක්.