කාලයක් තිබුනා මම බ්ලොග් ඒවා පිස්සෙක් වගේ කියවපු. ඒක වෙනම ආතල් එකක්. බ්ලොග් බුක් මාක් කරලා බ්‍රව්සරේ ඉඩ මදි උනාම RSS syndicators වලට මාරු උනා. ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ. කැත interface එකක් එක්ක කියවන්න ආස හිතුනේ නෑ. එතකොට තමා ඔන්ලයින් සින්ඩි වලට මාරු උනේ. ඒක නැගලා ගියා. ඉස්සර හොද සින්ඩි ගොඩක් තිබුනා. දැන් තියෙන්නේ ඒවායින් බොහොම ටිකයි. ඒවත් වැහිලා යයිද කියලා සැකයි. අලුත් බ්ලොග් සයිට් ඒවාට එනවා නම් පෙන්නේ නෑ. ඉස්සර බ්ලොග් එකක් සින්ඩි එකකට දාන්න මේල් දාලා ඇප්රුව් කරලා, බැජ් එකක් අපේ සයිට් එකට දාල හෙන සෙල්ලමක් කරන්න ඕනා .ඒකම නිසාද මන්දා මිනිස්සුන්ට එපා උනේ. එක අතකට එහෙම කියන්නත් බෑ. හොස්ටින්ග් චාජ් ඩොමේන් චාර්ජ් බැලුවම වාසියක් නැහැනේ.
Showing posts with label other. Show all posts
Showing posts with label other. Show all posts
Monday, December 30, 2019
Sunday, August 30, 2015
පළමු ලිපිය
බ්ලොග් එකක් ලියන්න ආසාව තිබුනේ පොඩි කලේ ඉඳන්. ගොඩක් කලකට ඉහතදී බ්ලොග් එකක් ලිව්වා. පෙර තිබුන කාර්යබහුල බව අඩු වෙලා තිබුන නිසාත් අලුතෙන් දෙයක් පටන් ගන්න ඕන කියල හිතුන නිසාත් ඔන්න අයිත් මම පරණ ජීවිතේට එන්න ඕන කියල හිතුව. නෙතින් දුටු ලෝකය කියල දැම්මේ එක දෙයකට කොටු නොවී එදිනෙදා ලෝකය ගැන හිතෙන අත්දකින දේවල් නිදහසේ ලියන්න ඕන නිසා.
Subscribe to:
Comments (Atom)
