Showing posts with label දැනුම. Show all posts
Showing posts with label දැනුම. Show all posts

Wednesday, June 24, 2020

පුංචි පුරුදු - Mini Habits




සමහර විට ඔයාලට හිතිලා ඇති අද කරන්න හිතා ගත්ත දේවල් එකක් වත් කරන්න බැරි උනා. අද කිසිම පලදායිව ගත කලේ නෑ කියල හැඟීමක්. (පට්ට කම්මැලියෙක් නෙවෙයි නම්) මිනිස්සු හැමෝටම හිතෙනවා ඇති කියල මම හිතෙනවා තමන් කැමති හොද පුරුදු. හැබැයි ඒවා කරන්න වෙන්නේ නෑ.
උදාහරණයක් විදියට..
සල්ලි ඉතුරු කරන්න, 
පොතක් කියවන්න,
ව්‍යායාම කරන්න,
කෑම පාලනේ කරන්න,
බොන එක නවත්තන්න 
අලුත් භාෂාවක් ඉගෙන ගන්න 
අලුත් දෙයක් ඉගෙන ගන්න
භාවනා කරන්න
කාමරේ සුද්ද කරන්න 😅


දහසක් කරන්න දේවල් තියෙනවා හැබැයි කරන්නේ නෑ. ඇයි ? මම දන්නවා ලෙඩක් දුකක් නැත්නම් සාමාන්‍ය කෙනෙක් කියන්නේ අපිට වෙලාව නෑ කියල. 

මටත් එහෙමයි. මට උදේ නැගිට්ටම හෙන ගොඩක් හොඳ පුරුදු ඇති වෙන දේවල්  කරන්න ඕන කියල හිතෙනවා හැබැයි එවයින් රෑ වෙද්දී එකක් වත් කරන්න බෑ වෙලාවක් නෑ . මොකක්ද මේ ජිවිතේ කියල බලාපොරොත්තු කඩ වෙනවා.

හැබැයි එහෙම වෙන්නේ ඇත්තටම මිනිස්සු වෙන අපි හෙන තඩි බලාපොරොත්තු ඇති කර ගන්න නිසා. උදාහරණයක් විදියට මට ආසයි පොත් කියවන්න. ඔන්න නිවාඩු දවසක් යන්තම් හොයාගෙන තඩි පොතක් අරන් හිතනවා අද නම් මේ පොත ඔක්කොම කියවල ඉවර කරනවා කියල. පොත ඔක්කොම කියවන්න පැය තුනක් යනවා කියමු. හැබැයි  ඇත්තටම වෙන්නේ මොකක්ද?

ඔෆිස් එකේ වැඩක් සෙට් වෙනවා,
ගෙදර වැඩක් සෙට් වෙනවා,
යාලුවෙක් කතා කරනවා,
බඩගිනි වෙනවා,
ටීවී බලන්න ඕන වෙනවා
මොකුත්ම නැත්නම් නින්ද යනවා,😅

මේ මට වෙන දේවල්,  වෙන අයට වෙන වෙන ඒවා ඇති. ඒ  වගේ බාධාවල් ඇවිල්ල මට පොත කියවන්න බැරි වෙනවා. ඕන නම් පිටු 20 ක් කියවයි. දැන් හෙන අවුල්.

මේ වගේ තව එකක් ගමු. මට කාමරේ අස් කරන්න ඕන. මම දන්නවා කාමරේ පිළිවෙලට තියන්න ඕන කියල ඒත් ඕක පටන් ගත්තොත් දුවිලි නාගෙන මකුළු දැල් නාගෙන මුළු දවසම යනවා වැඩේට ඊට වඩා හොදයිනේ ෆිල්ම් එකක් බලාගෙන ආතල් එකේ ඉන්නවා මේ හිටිය වගේ. ඒ වැඩේ කරන්න හිතෙන්නේ නෑ.

 අපිට වරදින්නේ ඔන්න ඔතන. අපි එක සැරේට ඔක්කොම ඉවර කරන්න ඕන කියල ලොකු බලාපොරොත්තු ඇති කරගන්නවා. එකෙන් වෙන්නේ කවද වත් ඉවර කර ගන්න වෙන්නේ නැති එක. ඒ වැඩෙත් අප්පිරිය වෙනවා.

මෙහෙම හිතලා බලන්න. ලොකු සීන් අමතක කරලා පොඩියට 
මම අද දවසට විනාඩියක් අරන්  පොතේ එක පිටුවයි කියවන්නේ කියල , 
අද දවසට විනාඩි පහක් අරන් මම මෙසේ ලාච්චුව විතරයි සුද්ද කරන්නේ. 

(කෙනෙක්ට දවසෙන් එක විනාඩියක් වෙන් කරගන්න වත් වෙලාවක් නැති තරමට බීසී නම් දැන්ම මේක කියවන එක නතර කරන්න. මොකද මේක කියවන වෙලාවේ ටොයිලට් එකට හරි යන්න පුළුවන්. ඒකටත් වෙලාව නැතිව ඇති. හැබැයි අපිට වෙලාව නෑ නෑ කියන අයට facebook, youtube  යන්න නම් වෙලාව තියෙනවා)

ආයිත් මාතෘකාවට එමුකො. මෙහෙම පුංචියට දවසට විනාඩියක් හරි දෙකක් හරි අරන් සතියක් විතර දිගටම කරත්දී අපිට ඔන්න යන ටයිම් එක පොඩ්ඩක් අපිට ඕන විදියට වැඩි කරන්න හිතෙන්න ගන්නවා. තව ටිකක් වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒක කරන්නේ අපේ හිතෙන්. එක සැරේට ඕක හිතෙන්නේ නෑ .

ඒ කියන්නේ  
බිම අතුගාල, මකුණු දැල් ටිකත් අද කඩන්න පුළුවන් 
තව පිටු 10 ක් විතර කියවන්න පුළුවන්
 
මෙහෙම දිගටම කරගෙන යද්දී සමහර විට සතියෙන් නැත්නම් දෙකකින් පොත කියවල ඉවර වෙලා තව පොතක් කියවන්න ගන්න පුළුවන්, කාමරේ ඔක්කොම සුද්ද වෙලා. ඇයි ? ලොකු බලාපොරොත්තු නැහැනේ අපි පොඩියට කරගෙන යද්දී අන්තිමේ වැඩේ ඉවර වෙනවා සහ පුරුද්දක් බවට පත් වෙනවා.

අනික මේක හරියටම මේ වෙලාවට කරන්න ඕන කියල එකක් නෑ. දවසේ ඕනා වෙලාවක කරන්න පුළුවන්. දවසෙන් විනාඩියක් විතරයි. දවසට විනාඩි තියෙනවා 1500 ක්.

මේ විදියට හිතන්න ඔයා අලුත් බාසාවක් ඉගෙන ගන්න පටන් ගත්තා කියල, එක සැරේට නෙවෙයි කාලයක් යද්දී ඔයා වතුර ලෙස බාසාව හසුරවනවා, ඒක පුරුද්දක් වෙලා. මේවට තමයි Mini  Habits  කියන්නේ. පොඩියට පටන් අරන් කාලයක් කරනකොට දන්නෙම නෑ බලනකොට හෙන වැඩ ගොඩක් කරලා.

බ්ලොග් එකක් ලියන එකත් ඒ වගේ මට පිටිපස්ස හැරිලා බැලුවම මම සැහෙන පොස්ට්  ලියල කියල පොඩි කික් එකක් එනවා. මුලදී මට පොස්ට් එකක් ලියන්න සැහෙන වෙලා ගියාට දැන් ටක් ගාල ලියන්න පුළුවන්. ( ඒකට විශේෂීකරණය වෙනවා කියල කියන්නේ. එකම වැඩක් දිගටම කරලා ලබාගන්න නිපුනතාවය) ඒකෙන් අපිව තව තව ධෛර්යමත් වෙනවා. 

මමත් මේක ඉගෙන ගත්තේ youtube  එකෙන්. පහලින් ලින්ක් එකක් දාන්නම් . මේ වගේ හොද පුරුදු ලිස්ට් එකක් හදාගෙන මම කරලා බැලුව. දන්නෙම නෑ සතියක් යද්දී මම මහා වැඩ ගොඩක් කරලා. අනික දැන් ඒවා නවත්තන්න හිතෙන්නෙත් නෑ අසාවෙන් කරනවා. තව තව කරන්න දේවල් ඔලුවට එනවා. දවස අන්තිමේ හෙන වැඩ ගොඩක් කළා කියල හෙන ගැම්මක් එනවා. ටික ටික අපේ වේගේත් වැඩි වෙනවා කරන වැඩේ. ඒ කියන්නේ විනාඩි පහකින් කරන දේ විනාඩි දෙකෙන් කරනවා වගේ දෙයක්. කාලය ඉතුරුයි නේ? 

මේකට මම ඇප් එකකුත් හොයා ගත්ත. ඒක ප්‍රස්ථාර ගහල එක එක විදියට අපේ සාර්ථකත්වය පෙන්නනනවා.කරපු වැඩේ මාර්ක් කරන්න විතරයි තියෙන්නේ.  ඒකෙත් ලින්ක් එක මෙන්න


Screenshot ImageScreenshot ImageScreenshot Image




 කැමති අය වීඩියෝ එකත් බලන්න. මට වඩා හොදට ඒකෙ පැහැදිලි කරනවා.




තව දෙයක් කියන්න ඕනා මේකෙන් හොද පුරුදු වගේම තමයි මේකේ අනිත් පැත්ත. නරක පුරුදු වලටත් ඇබ්බැහි වෙන්නේ මිනි හැබිට් වලින්. පොඩියට පටන් අරන් අන්තිමේ පට්ට නරක පුරුද්දක් වෙලා නවතින්නේ . අපි ඒවාට නම් නිකන්ම ඇදිල යනවා. හැබැයි හොද වැඩක් කරන්න තමයි වෙලාව නැත්තේ. 

මම තනියම බුදු වෙන්නේ නැතිව අනිත් අයටත් කියල දෙන්න ඕන නිසයි ලිව්වේ. හිතේ තියෙන දෙයක් කියල comment එකක් දාලා යන්න. බැන්නත් කමක් නෑ කොමෙන්ට් එකක්නේ.


පසුව ලියමි.

මිනි කියන එකේ සිංහල වචනේ හිත ගන්න සැහෙන වෙලා ගියා. small කියන්නෙත් පොඩි කියන එක මිනි කියන්නෙත් පොඩි කියන එක. ක්ෂුද්‍ර කියන්නත් බෑ  micro කියල එකක් තියෙනවා.  ගූගල් ශබ්දකෝෂයට අනුව mini සිංහලෙනුත්  මිනි ම තමයිලු . දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. 

Sunday, January 26, 2020

අහක යන වවුල්ලු හෙවත් කොරෝනා

මේ දවස් වල ලංකාවේ අපිට රන්ජා උනාට පිටරට මිනිස්සු කොරෝනා වයිරස් එකෙන් බිරාන්ත වෙලා ඉන්නේ. ඊයේ වෙනකොට 41 ක් මැරිලා කියල තමයි නිව්ස් වලට නම් කිව්වේ. මත ඉතින් නිකන් ඉන්නේ නැතිව හොයල බැලුව මොකක්ද මේ සහ මොකාටද එන්න යන්නේ කියලා. කතාව අනුව නම් මේක සාස් වයිරස් එක තරම් දරුණු එකක් නෙවෙයි. මැරෙන අය ගොඩක් මැරිලා තියෙන්නේ ප්‍රතිශක්තිය නැති නිසා. බැක්ටීරියා වගේ නෙවෙයි වයිරස් වලට ඇන්ටි බයෝටික් අහන්නේ නැහැනේ. ඒ නිසා මේකට බෙහෙතක් නෑ. 

කොහොමද මේක ආවේ,  මම කියවපු විදියට මේ වයිරස් එක එකක් නෙවෙයි සෙට් එකක් ම තියෙනවා කොරෝනා කියලා. හැදෙන්නේ කුරුල්ලොන්ට සහ ක්ෂීරපායි සත්තුන්ට. මේක එක සැරේට එලියට ඇවිල්ලා වගේ හිතුනට හොයාගෙන තියෙන්නේ 1960 අවුරුද්දේ. කොරෝනා කියන්නේ ලතින් බාසාවේ ඔටුන්නට එහෙම නැත්නම් රැස් මාලාවට. සුර්යග්‍රනයක් වෙන වෙලාවට මේ වගේම දෙයක් වෙනවා හැදෙන් ඉර වැහුනම වටේ රැස් වළල්ලක් එනවා. එකට කියන්නේ solar corona එක කියල.  මේ වයිරස් එකේ වටේත් නිකන්  ඒ වගේ නිසා වෙන්න ඇති මෙහෙම කියන්නේ.


මේ තියෙන්නේ කොරෝනා වයිරස් එක 

මේ තියෙන්නේ සුර්යග්‍රහණයක්

දැන් එතකොට කියන විදියට මේක බෝ වෙලා නෑ. චීනෙන් නේ මේක වාර්තා උනේ. චිනේ ජපානේ කොරියාව හරි දක්ෂයිනේ අමුතු ජාතියේ මස් කාලා රස බලන්න. අන්න ඒ වගේ පණ්ඩිත වැඩක් කරන්න ගිහින්. වවුල්ලුන්ගේ මස් කාලා සුප් බොන්න ගිහින් බෝ වෙලා කියලා තමයි කියන්නේ. වවුලා ක්ෂීරපායිනේ.

කොහොම හරි දැන් මේක ලෝකේ වටේම යන පාටක් තමයි තියෙන්නේ. හොයාගෙන තියෙන විදියට මේක බෝ වෙන්නේ හුලගෙන් ආශ්වාස කිරීම මගින්. අනිවා මේක ලංකාවට එයි මොකද අපි ඕන කුණු ගොඩක් ගන්න මිනිස්සුනේ. වාර්තාවලට අනුව වයිරස් එක පැය 24 ක් හොස්ට් කෙනෙක් නැතිව ඒ කියන්නේ ජීවි ශරීරයකින් පිට එලියට වෙලා ඉන්න පුළුවන්.  ඒ වගේමයි මේක ගෙදර පාවිච්චි කරන විෂබීජ නාශක සබන් වලින් උනත් නිකන්ම මැරිලා යනවා. ඒ නිසා මේ ටිකේ පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න කියලා තමයි කියන්නේ

සත්තුන්ගේ මස් නොකා හිටිය නම් ඔය ලෙඩවල් මුකුත් නෑ. අනිත් අතට කන්න ඕන නම් දන්නා මස් ජාතියක් කන්න ගියා නම් ඉවරයි කුකුලෙක් වගේ. පෙරේතකම් කරන්න ගිහින් අන්තිමේ මුළු ලෝකෙටම අවදානම් තත්වයක් ඇති උන එක තමයි උනේ

Wednesday, December 25, 2019

ආයිත් සීනි දාපුවා කන්නෙම නෑ

Photo by Sharon McCutcheon on Unsplash

ඉස්සර දවසක මෛත්‍රී මාමා මයිලෝ පැකට් එකක් අරන් "මේවා බොන්න හොඳ නෑ සීනි" කියල කිව්වා මතකද? අපි ඇත්තටම කලේ ඒ මනුස්සයට හිනා වෙච්ච එකයි fb පොස්ට් දාපු එකයි. ජනාධිපති කෙනෙක්ට එහෙම හිනාවෙච්ච රටක් නම් මම දන්නේ නෑ. හැබැයි ඒ මනුස්සයා කිව්ව කතා මොනවා උනත් සිනි ගැන කියපු කතාව 100% ක් ම හරි කියලා මේ ලඟදි  මම බැලුවම තමයි තේරුනේ. සාමාන්‍ය මනුස්සයෙක් ගේ දවසක සිනි පරිභෝජනය The American Heart Association (AHA) එකෙන්  සිමා කරලා තියෙනවා මේ විදියට.

පිරිමි - 37.5 grams or 9 teaspoons
ගැහැණු - 25 grams or 6 teaspoons

මේකත් කියවල බලන්නකෝ බොරු නම්.
https://www.heart.org/en/healthy-living/healthy-eating/eat-smart/sugar/how-much-sugar-is-too-much

Thursday, December 5, 2019

මුහුදු රළ මගින් විදුලිය නිපදවන්න බැරි හේතු.

ඕනෑම දෙයක චාලක ශක්තියක් විද්‍යුත් ශක්තියට හරවන්න පුළුවන් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුහුදු රළ ඔහේ හැපී හැපී තියෙනවා. ලෝකේ වැඩිම ප්‍රමාණයක් මුහුදෙන් වැහිලා තියෙනවා. මේවා විදුලිය නිපදවන්න යොදාගන්න බැරි ද? පුළුවන් ලංකාවෙත් ඒ ගැන පර්යේෂණ කෙරුණා. එත් ප්‍රශ්න තියෙනවා..

1.  මුහුදු ජලයේ තියෙන ලුණු ගතිය නිසා උපකාරන ඉක්මනට මලකඩ කාලා යනවා. නඩත්තු කරන්න අමාරුයි. වියදම වැඩියි. මිනිස්සුන්ට අමාරුයි වතුර යට මේවා හදන්න යන්න. ඉංජිනේරු වෘත්තිය එකක් කිමිදෙන එක තව එකක්.


Saturday, November 30, 2019

මම ලිනක්ස් වලට මාරු උනා

මගේ පන වගේ හිටපු ලැප් එකේ mother board එක පිච්චුන නිසා අලුත් එකක් දාගත්ත. හැබැයි කලින් තිබුනේ core i 5 එකක් උනාට අලුතෙන් දාන්න උනේ core i 3 එකක්. පට්ට අවුල්. windows boot වෙන්නම යනවා විනාඩි 5ක් විතර. ඊට පස්සේ chrome එක open කළා කියන්නේ කිසිම app එකක් ආයිත් ඉතින් මේ කපේට open වෙන්නේ නෑ. අනේ ඉතින් මේ දුක ඉවසගෙන මාස දෙකක් විතර ඇදගෙන ගියා. අන්තිමේ ඉවසීමේ සිමාව පැන්න. මේ කලබලේ ලැප් එකක් ගන්න සල්ලි නෑ. වෙන විසදුමක් බැලුව. ram එකත් අවුලක් නෑ. අවුල තියෙන්නේ processor එකේ. 100% වැඩ .

windows දාගෙන නම් මේ වැඩේ කරන්න බැරි නිසා බැලුව ලිනක්ස් වලට මාරු වෙලා බලන්න ඕන කියල. එක සැරේට ඔක්කොම අතැරලා මාරු වෙන එක නුවනට හුරු නැති නිසා dual boot වෙන්න එක එක ලිනක්ස් ඒවා අත්හදා බැලුව. මුලින් puppy linux දැම්ම. සුටුස් ගාල boot නම් වෙනවා හැබැයි හරි කැතයි. දඩි බිඩි පොඩි වැඩ වලට නම් හොදයි. දන්නේ නැති නම් වලින් inbuilt app ගොඩයි.  ප්‍රශ්න වැඩි.

Monday, November 25, 2019

මොකක්ද සුර්යකෝෂ වල තියෙන අවුල ?



සූර්ය කෝෂ කියන්නේ ලෝකේ දැනට තියෙන පරිසර හිතකාමි බලශක්ති වලින් ඉදිරියෙන්ම ඉන්න ශක්තියක්. කවදා හරි පොළවේ යට තියෙන තෙල් නිධි ටික ඉවර උනාම ලොකු ප්‍රශ්නයකට මින්සුන්ට මුණදෙන්න වෙනවා. මේ කියන්න යන්නේ සුර්යකෝෂ ගැන හැඳින්වීමක් නෙවෙයි. මේවා මෙච්චර හොද නම් ඇයි මිනිස්සු පාවිච්චි කරන්න මෙච්චර කල් ගියේ කියල කියන්න යන්නේ.

පලවෙනි හේතුව ඔව් හැමෝම දන්නවා වගේ මිල අධිකයි. පැනල් එකක් හයි කරලා ඒ වියදම කවර් කරන්න අවුරුදු ගානක් යනවා. හැබැයි එකට සාධාරණ හේතුවක් තියෙනවා. ඒවා නිෂ්පාදන වියදමත් වැඩියි. මොකද ඒවා මහා පරිමාණයෙන් හදන කර්මාන්ත ශාලා බොහොම කීපයයි තියෙන්නෙත්. හොද පැනල් එකක් හදන්න හොද Semiconductors ඒ කියන්නේ අර්ධ සන්නායක ඕනා අතර ඒවා හදන පරිසරය ඒ කියන්නේ කර්මාන්තශාලාව පිරිසිදු වෙන්න ඕන දුවිලි පොඩ්ඩක් වත් නැති වෙන්න. ඉතින් ඕක හදන්න විතරක් නෙවෙයි කර්මාන්තශාලාව නඩත්තු කරන්නත් සැහෙන වියදම්. මම දන්නේ නම් නෑ ලංකාවේ හදනවද කියල. හැම මනුස්සයටම මේක සල්ලි දීල කරන්න බෑ. පරිසරය ආරක්ෂා කරන්නත් සල්ලි ඕන.