Tuesday, November 19, 2019

දැන් හැමෝම යූ ටියුබර්ස්ලා ය...

මම දන්නේ නෑ මේක ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක්ද නැත්නම් වෙන රටවලත් තියෙනවද කියලා. මම දැකපු දෙයක් තමයි මිනිස්සු කවුරු හරි කරන දෙයක් ඒ විධියටම කොපිකරලා අනුකරණය කරලා ගොඩ යන්නම තමයි බලන්නේ. තමන්ගේ කියලා දෙයක් කරන්න බලන්නේ අඩු පිරිසක්. කවුරු හරි කිව්වොත් මම මේක කරලා සල්ලි හොයනවා කියලා ඔන්න ඔක්කෝටම ඕන ඒක කරලා සල්ලි හොයන්න. 

මේ දවස් වල හොඳටම දකින දෙයක් තමයි යු ටියුබ් එකේ වීඩියෝස් හදන එක. දැන් හැමෝම YouTubers ලා වෙලා. අවුරුදු පහේ පොඩි උන්ටත් චැනල් තියෙනවා. කීපදෙනෙක් අමාරුවෙන් චැනල් හදාගෙන කීයක් හරි හොයනවා කිව්වම දැන් හැමෝටම ඕන ඒකම කරන්න. මෙහෙම කරන එකෙන් ළගදීම හැමෝටම කෙල වෙලා යන බව නම් හොඳටම ෂුවර්. කොහොමත් දැනටත් ලංකාවේ ඇඩ් සෙන්ස් ක්ලික් එකකට ගෙවන ගාන අඩුවෙන්න හේතුවත් මේ වගේ වැඩ තමයි. මීට කලින් ඔහොමම කෙල වෙච්ච එකක් තමයි facebook එකේ page හදාගෙන ebay බඩු විකුනපු එක. එකෙක් අමාරුවෙන් ඕක ගොඩ දාගෙන යනකොට හැමෝම කරන්න පටන් ගත්තා. අන්තිමට competition එක වැඩි උනා, ඔක්කොගෙම බිස්නස් වලට කෙල උනා. මුලින් කරපු එකාටත් කීයක් හරි හොයාගන්න චාන්ස් එක නැති උනා.


මේ ලංකාවේ ගොඩ යනවා නම් ගොඩ යන්න ඕන තරම් ක්‍රම තියෙනවා. මම කිව්වේ හරි විදියට. අපරාධ කරලා නෙවෙයි. අනික මම දැකපු දෙයක් තමයි මේ හැම රැල්ලක්ම නැති වෙලා යන්නේ තමන් කැමති දෙයක් සහ දක්ෂතාවය තියෙන දෙයක් නොකර ඉක්මනින් සහ ලේසියෙන් සල්ලි හොයන්න යන නිසා කරන කිසි දෙයක් හරි යන්නේ නැති වීමයි. අනුන් කරන දේ කරන යු ටියුබ් නංගිලා මල්ලලාගේ චැනල් වලටත් ආයුෂ අඩුයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. 

මමත් ඔන්ලයින් සල්ලි හොයන ක්‍රම කීපයක් තියෙනවා. ඒවයින් මහා ලොකු ආදායමක් නම් ලැබෙන්නේ නෑ.  එහෙමයි කියලා මම ඒක නොකර ඉන්නෙත් නෑ. ඒ මොකද කියනවා නම් ඒක මගේ ආශාව නිසාය. නැතුව සල්ලි හොයන්න ඕන කියලා ඒවා කරන්නේ නෑ. ඔන්න යු ටියුබ් නම් නෙවෙයි හොදේ. මමත් ඔය හැම දේම කරලා කට්ට කාපු පොරක්. අන්තිමේ මම තේරුම් ගත්තා ඔන්ලයින් කෙරුවාව ට වඩා හොදට ඉගෙන ගත්තොත් රස්සාවක් කරලා හරි තමන්ගේම බිස්නස් එකක් කරලා හරි ගොඩ යන එක තමයි අවදානම් අඩුම කියලා. මොකද දැන් ඔය යු ටියුබ් එකේ දෙවිවරු වගේ පෙන්නගෙන ඉන්න අය වගේ උන් ඉස්සරත් හිටියා. රැල්ල බිඳිලා ගියාම උන්ටත් දෙවියන්ගේම පිහිටයි.

යු ටියුබ් රැල්ල තව අවුරුදු කීපයක් යයි. දැනටමත් වීඩියෝ එකක් බලනකොට ඇඩ් දෙකක් ස්කිප් කරන්න වෙලා. ඉතින් මිනිස්සුන්ට උන් නොකියා කියන්නේ ප්‍රිමියම් එක සල්ලි දීලා ගනින් නැත්නම් ඇඩ් බල බල හිටපන් කියලාය.. නැතුව මේ උන් අපිට ස්වයං රැකියා හොයලා දෙන්න ඕන නිසා අනේ පවු කියලා සර්විස් එක ඔන්ලයින් තියන්නේ නැහැ. උන් අපිට සල්ලි දෙනවා කියලා බලාපොරත්තු දීලා contents create කරගෙන අපිට ම ඒ ටික පෙන්නලා ඇඩ් වලිනුයි ප්‍රිමියම් වලිනුයි සල්ලි හොයනවා.  ඒක තමයි බිග් පික්චර් එක නැත්නම් යථාර්ථය.

යූටියුබ් එකේ අයිති කාරයො ඒ කියන්නේ ගූගල් දෙවිවරු මේ රැල්ල බිදෙන්න යන්නේ කියලා පොඩි හරි ඉගියක් එද්දිම වෙන දේකට උපයාගත්ත සල්ලි ටික ආයෝජනය කරලා රැල්ල බිඳිලා යන්න දීලා අන්තීමේ servise එක නවත්තලා දානවා google ප්ලස් නැවැත්තුවා වගේ. අන්න එදාට වීඩියෝ හද හද හිටපු උන් ගෙන්  මොලේ තියෙන  සීමිත පිරිසක් වෙන දේවල් වලට යොමු වෙලා ජාමේ බේරාගනියි. හැබැයි අර ඉගෙන ගන්නේ නැතුව රස්සාවක් නොකර වීඩියෝ හදලා චණ්ඩි වෙලා වන්ඩ් බස්සන්න ඕන කියලා චැනල් හද හද ඉන්න උන්ට යන එන මං නැතිව යනවා කියලා තමයි කියන්න තියෙන්නේ.

අන්තිම වශයෙන් මගේ උපදේශය තමයි කරන දේ හොදට කරපල්ලා තමන් කැමති දේ කරපල්ලා, ඉගෙන ගනිල්ලා, ඉක්මනට සල්ලි හොයන ක්‍රම වලට අයුෂ අඩුයි. එහෙම  ඉක්මනට සල්ලි හොයලා දියුණු වෙන්න පුළුවන් නම් අනිත් මිනිස්සු මැරීගෙන ජොබ් කරන්නෙ නැති බව වටහා ගන්න.

No comments: