
කාලෙකට පස්සේ නිවාඩුවක් සෙට් උනා. ඒ අස්සේ චන්දෙත් අවා. මට හිතුනා බ්ලොග් එක ආයිත් පටන් ගන්න ඕන කියලා. කොහොමත් නිදහසේ ඉන්නකොට බ්ලොග් එක ලියන්න ඕන කියල හිතෙනවා ආයිත් වැඩට ගියාම එපා වෙනවා. කොහොම හරි ඕන වෙච්ච වෙලාවෙ ලියනවා.
අද ලියන්නේ ලෙඩක් ගැන. දියවැඩියාව සහ අධි රුධිර පීඩනය මට ඉතින් තාම නෑ. හැබැයි ඉතින් ජාන වලින් එන්න තියෙනවා ඉස්සරහට. දැන් පොඩ්ඩ පොඩ්ඩ ඒ ලක්ෂණ පහළ වේගෙන එනවා. ඉස්සර නම් ගණන් ගත්තේ නෑ. හැබයි දැන් පොඩ්ඩක් බය වෙනවා. ඉස්සර ඉදන්ම දොස්තරලා කිව්වා දැන් නම් පරිස්සම් වෙන්න ඕන නැත්නම් බෙහෙත් බොන්න වෙයි කියලා. කොහොම හරි පරිස්සම් උනේ නම් නෑ. අන්තිමේදී ලෙඩවල් දෙකම රතු කට්ට පනින සීමාවට ආවා.
බෙහෙත් බොන්න තියෙන අකමැත්ත නිසා සහ බොන්න ගත්තොතින් නවත්තන්න බැරි නිසා මට වෙන පිළියමක් හොයන්න ඕන උනා. මගේ fasting blood sugar එක තිබුනේ 120 ට. pressure එක 130-90 ට තිබුනා. blood sugar තියෙන්න ඕන ගාන 100 කියල තමයි කියන්නේ.
මුලින්ම කලේ හැමදාම චෙක් කරන්න ඕන නිසා ගත්ත රු 3000/- ක් දීල ඉලෙක්ට්‍රොනික් blood sugar චෙක් කරන එකක්. ඊට පස්සේ බැලුව කෑම පාලනේ කරලා ගොඩ දාන්න පුලුවන්ද කියල. ම්හු.. හරි ගියේ නෑ. බඩගින්නේ ඉන්නකොට තව වැඩි වෙනවා වගේ මට තේරුණා. කොහොම හරි තේ බොන එක නතරම කළා. පැණිරස කන එකත් අමාරුවෙන් නතර කලා. එත් වෙනසක් උනේ නෑ. ඉතිරි වෙලා තියෙන්නේ බත් කන එක නතර කරන එක. එක තමයි බැරි. මට බඩපිරෙන්න බත් නොකා වැඩ කරන්න බැරි අවුලක් තියෙනව. නින්ද යන්නෙත් නෑ. එත් බත් වල මොකක් හරි බලපෑමක් තියෙන බව මට චෙක් කරනකොට තේරුණා. බත් කන ප්‍රමාණය අඩු කළා. ඔන්න ටිකක් විතර අඩු උන සීනි මට්ටම.
තව කරන්න ඉතිරි වෙලා තිබුනේ ව්‍යායාම කරන එක විතරයි. එකත් කරන්න පටන් ගත්ත. උදේට දිව්වා පාර දිගේ 5 km විතර. samsung health කියල ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා එකෙන් තමයි දුර මැන්නේ. ඔහොම දිව්වා කියලත් එක සැරේට අඩු උනේ නෑ. හැබැයි එහෙම කියල මම නිකන් හිටියෙත් නෑ. වැස්ස දවසට ගේ ඇතුලේ එක තැන දිව්වා. ලේසි උනේ නෑ. කොහොම හරි අන්තිමේ සීනි මට්ටම 100 ට බැස්සුවා මාස ගානකට පස්සේ.
පුදුමේ කියන්නේ එක නෙවෙයි අර වැඩිපුර තිබුන pressure එකත් අන්තිමේ අඩු උනා. මේකෙන් මම ගත්ත පාඩම තමයි මොනවා කලත් වැඩක් නෑ අපේ ඇගට ව්‍යායාම නැත්නම් අපි ලෙඩ වෙන එක නවත්වන්න බෑ කියන එක. ව්‍යායාම කරන්න ගත්තට පස්සේ මගේ ඇගේ ලෙඩ විතරක් නෙවෙයි හිතේ තිබිච්ච ලෙඩත් අඩු උනා වගේ මට දැනෙනවා.
No comments:
Post a Comment