කාලයක් තිබුනා මම බ්ලොග් ඒවා පිස්සෙක් වගේ කියවපු. ඒක වෙනම ආතල් එකක්. බ්ලොග් බුක් මාක් කරලා බ්‍රව්සරේ ඉඩ මදි උනාම RSS syndicators වලට මාරු උනා. ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ. කැත interface එකක් එක්ක කියවන්න ආස හිතුනේ නෑ. එතකොට තමා ඔන්ලයින් සින්ඩි වලට මාරු උනේ. ඒක නැගලා ගියා. ඉස්සර හොද සින්ඩි ගොඩක් තිබුනා. දැන් තියෙන්නේ ඒවායින් බොහොම ටිකයි. ඒවත් වැහිලා යයිද කියලා සැකයි. අලුත් බ්ලොග් සයිට් ඒවාට එනවා නම් පෙන්නේ නෑ. ඉස්සර බ්ලොග් එකක් සින්ඩි එකකට දාන්න මේල් දාලා ඇප්රුව් කරලා, බැජ් එකක් අපේ සයිට් එකට දාල හෙන සෙල්ලමක් කරන්න ඕනා .ඒකම නිසාද මන්දා මිනිස්සුන්ට එපා උනේ. එක අතකට එහෙම කියන්නත් බෑ. හොස්ටින්ග් චාජ් ඩොමේන් චාර්ජ් බැලුවම වාසියක් නැහැනේ.
Monday, December 30, 2019
Wednesday, December 25, 2019
ආයිත් සීනි දාපුවා කන්නෙම නෑ
Photo by Sharon McCutcheon on Unsplash
ඉස්සර දවසක මෛත්‍රී මාමා මයිලෝ පැකට් එකක් අරන් "මේවා බොන්න හොඳ නෑ සීනි" කියල කිව්වා මතකද? අපි ඇත්තටම කලේ ඒ මනුස්සයට හිනා වෙච්ච එකයි fb පොස්ට් දාපු එකයි. ජනාධිපති කෙනෙක්ට එහෙම හිනාවෙච්ච රටක් නම් මම දන්නේ නෑ. හැබැයි ඒ මනුස්සයා කිව්ව කතා මොනවා උනත් සිනි ගැන කියපු කතාව 100% ක් ම හරි කියලා මේ ලඟදි මම බැලුවම තමයි තේරුනේ. සාමාන්‍ය මනුස්සයෙක් ගේ දවසක සිනි පරිභෝජනය The American Heart Association (AHA) එකෙන් සිමා කරලා තියෙනවා මේ විදියට.
පිරිමි - 37.5 grams or 9 teaspoons
ගැහැණු - 25 grams or 6 teaspoons
මේකත් කියවල බලන්නකෝ බොරු නම්.
https://www.heart.org/en/healthy-living/healthy-eating/eat-smart/sugar/how-much-sugar-is-too-much
Saturday, December 7, 2019
අපේ ගෙදර පුසෝ හෙවත් අනුකම්පාවක් වූ භූමිකම්පාව
සත්තුන්ට අනුකම්පාව දක්වන්නට ගොස් අනුකම්පාව භූමිකම්පාවක් වෙච්ච සිද්ධියක් මට සිද්ධ උනා. මුල ඉදන්ම කතාව කිව්වොත් අපිට කියා අපේ ගෙදර පුසෝ නැත. ඔක්කොම ඉන්නේ වටේ ගෙවල් වල පුසන් ය. මුලදී එක අල්ලපු ගෙදර හිටපු පූසි කෑම වෙලාවට අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියා. සතෙක්ට කන්න දුන්නට මොකද කොච්චර පිනක්ද කියල අපේ ගෙදර අයත් කෑම දුන්න. ටික දවසක් යනකොට මෙන්න එනවා පැටියෙකුත් උස්සන්. ආව පැටියා අපේ වත්තේ තිව්වා ඊට පස්සේ ඇහැක් ඇරලා බැලුවේ නෑ. කෑම කන්න එන වෙලාවට අර පොඩි එකා කිරි බොන්න ලගට ආවත් ගහලා පැන්නුවා.හරියට මේ අපි කරපු දෙයක් වගේ. මොනවා කරන්නද තව පැටියෙක් වැඩි න කියලා ඌටත් ෆුල් පැකේජ් එක දෙන්න ගත්ත. (කිඩ්ස් මීල්) ඒ කිව්වේ අම්ම කිරි දීම ප්‍රතික්ෂේප කරන නිසා ප්‍රධාන ආහාර වලට අමතරව එළකිරි ලබාදීමට සිදු උනා.
ඔන්න යන්තම් ශේප් එකේ දවස් ගෙවිල යද්දී මෙන්න ලග තිබුන සුපර් මාර්කට් එක ලග පුස් පැටවූ දෙන්නෙක් දාල ගිහින් පවුකාරයෙක්. උන් දෙන්නා දොර ලගට වෙලා ඉන්නවා ඇතුලට යන්න විදියක් හොය හොයා. ඉපදිලා සති දෙකක් වගේ ඇති. උදේ ගියාම තමයි මුලින් දැක්කේ. හවස යද්දිත් ඉන්නවා උදේ වගේ නෙවෙයි දැන් පන නෑ අව්වේ වැටිලා ඉන්නවා අපිව මැරිලම පලයල්ලා කියන්න වගේ. වෙන මොනවා කරන්නද කඩදාසි කොලෙකින් හදපු කවරෙක දාගෙන දෙන්නව අරන් ආව ගෙදර. කොච්චර පොඩි ද කියල එතකොට හිතන්නකෝ. මහා සෙනගක් එන සුපර් මාර්කට් එකේ හැබැයි හතර පෝයට සිල් ගන්න මිනිස්සු සහ මහා පින් දහම් කරලා ලෝකෙට පෙන්නන මිනිස්සු හිටියා. ආයිත් නෑ මිනිහෙක් ඇහැක් ඇරලා වත් බලලා නෑ කන්න ටිකක් වත් දෙන්න මේ පැටවූ දෙන්නට.
Thursday, December 5, 2019
මුහුදු රළ මගින් විදුලිය නිපදවන්න බැරි හේතු.
ඕනෑම දෙයක චාලක ශක්තියක් විද්‍යුත් ශක්තියට හරවන්න පුළුවන් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුහුදු රළ ඔහේ හැපී හැපී තියෙනවා. ලෝකේ වැඩිම ප්‍රමාණයක් මුහුදෙන් වැහිලා තියෙනවා. මේවා විදුලිය නිපදවන්න යොදාගන්න බැරි ද? පුළුවන් ලංකාවෙත් ඒ ගැන පර්යේෂණ කෙරුණා. එත් ප්‍රශ්න තියෙනවා..
Saturday, November 30, 2019
මම ලිනක්ස් වලට මාරු උනා
මගේ පන වගේ හිටපු ලැප් එකේ mother board එක පිච්චුන නිසා අලුත් එකක් දාගත්ත. හැබැයි කලින් තිබුනේ core i 5 එකක් උනාට අලුතෙන් දාන්න උනේ core i 3 එකක්. පට්ට අවුල්. windows boot වෙන්නම යනවා විනාඩි 5ක් විතර. ඊට පස්සේ chrome එක open කළා කියන්නේ කිසිම app එකක් ආයිත් ඉතින් මේ කපේට open වෙන්නේ නෑ. අනේ ඉතින් මේ දුක ඉවසගෙන මාස දෙකක් විතර ඇදගෙන ගියා. අන්තිමේ ඉවසීමේ සිමාව පැන්න. මේ කලබලේ ලැප් එකක් ගන්න සල්ලි නෑ. වෙන විසදුමක් බැලුව. ram එකත් අවුලක් නෑ. අවුල තියෙන්නේ processor එකේ. 100% වැඩ .
windows දාගෙන නම් මේ වැඩේ කරන්න බැරි නිසා බැලුව ලිනක්ස් වලට මාරු වෙලා බලන්න ඕන කියල. එක සැරේට ඔක්කොම අතැරලා මාරු වෙන එක නුවනට හුරු නැති නිසා dual boot වෙන්න එක එක ලිනක්ස් ඒවා අත්හදා බැලුව. මුලින් puppy linux දැම්ම. සුටුස් ගාල boot නම් වෙනවා හැබැයි හරි කැතයි. දඩි බිඩි පොඩි වැඩ වලට නම් හොදයි. දන්නේ නැති නම් වලින් inbuilt app ගොඩයි. ප්‍රශ්න වැඩි.
windows දාගෙන නම් මේ වැඩේ කරන්න බැරි නිසා බැලුව ලිනක්ස් වලට මාරු වෙලා බලන්න ඕන කියල. එක සැරේට ඔක්කොම අතැරලා මාරු වෙන එක නුවනට හුරු නැති නිසා dual boot වෙන්න එක එක ලිනක්ස් ඒවා අත්හදා බැලුව. මුලින් puppy linux දැම්ම. සුටුස් ගාල boot නම් වෙනවා හැබැයි හරි කැතයි. දඩි බිඩි පොඩි වැඩ වලට නම් හොදයි. දන්නේ නැති නම් වලින් inbuilt app ගොඩයි. ප්‍රශ්න වැඩි.
Wednesday, November 27, 2019
අපි ඉන්න තැන...
කොහොමින් කොහොම හරි මට මේ සැරේ සැහෙන කම්පනයක් ආව ඉස්සර කාලේ මිනිස්සු ජිවත් වෙලා තිබිච්ච විදිය කොච්චර දියුණුද කියල. දඹුලු ලෙන් විහාරේ සිතුවම් දැක්කම ඒ මිනිස්සු කොච්චර හිතේ සැනසීමකින් ඉඳල තියෙනවද කියල මට හිතුන. ලොකු ලොකු බලාපොරොත්තු නෑ , රේඩියෝ , ටීවී, ෆේස් බුක් තියා හරියට යානවාහන වත් නෑ. එත් පිළිම නෙලන්න තිබුන හැකියාව, චිත්‍ර අදින්න තිබුන හැකියාව අද කාලෙට සම කරන්න බෑ. ගල්ගුහාවේ මැදින් වතුර බේරෙනකොට එකත් තමන්ගේ කළා කෘතියේ කොටසක් කරගන්න තරම් මේ මිනිස්සු දක්ෂ උනා. මේක මම දන්නේ නෑ හැමෝම දකිනවද කියල
Monday, November 25, 2019
මොකක්ද සුර්යකෝෂ වල තියෙන අවුල ?
සූර්ය කෝෂ කියන්නේ ලෝකේ දැනට තියෙන පරිසර හිතකාමි බලශක්ති වලින් ඉදිරියෙන්ම ඉන්න ශක්තියක්. කවදා හරි පොළවේ යට තියෙන තෙල් නිධි ටික ඉවර උනාම ලොකු ප්‍රශ්නයකට මින්සුන්ට මුණදෙන්න වෙනවා. මේ කියන්න යන්නේ සුර්යකෝෂ ගැන හැඳින්වීමක් නෙවෙයි. මේවා මෙච්චර හොද නම් ඇයි මිනිස්සු පාවිච්චි කරන්න මෙච්චර කල් ගියේ කියල කියන්න යන්නේ.
පලවෙනි හේතුව ඔව් හැමෝම දන්නවා වගේ මිල අධිකයි. පැනල් එකක් හයි කරලා ඒ වියදම කවර් කරන්න අවුරුදු ගානක් යනවා. හැබැයි එකට සාධාරණ හේතුවක් තියෙනවා. ඒවා නිෂ්පාදන වියදමත් වැඩියි. මොකද ඒවා මහා පරිමාණයෙන් හදන කර්මාන්ත ශාලා බොහොම කීපයයි තියෙන්නෙත්. හොද පැනල් එකක් හදන්න හොද Semiconductors ඒ කියන්නේ අර්ධ සන්නායක ඕනා අතර ඒවා හදන පරිසරය ඒ කියන්නේ කර්මාන්තශාලාව පිරිසිදු වෙන්න ඕන දුවිලි පොඩ්ඩක් වත් නැති වෙන්න. ඉතින් ඕක හදන්න විතරක් නෙවෙයි කර්මාන්තශාලාව නඩත්තු කරන්නත් සැහෙන වියදම්. මම දන්නේ නම් නෑ ලංකාවේ හදනවද කියල. හැම මනුස්සයටම මේක සල්ලි දීල කරන්න බෑ. පරිසරය ආරක්ෂා කරන්නත් සල්ලි ඕන.
Thursday, November 21, 2019
මගේ සෝලා පැනල් ප්‍රොජෙක්ට් එක සහ අනිත් සත්තු
හැමදාම මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතිව වෙන මොනවා හරි ලියන්න ඕන. මේක මට වෙච්ච දෙයක්. හැබැයි මේකේ විද්‍යාත්මක පැත්ත මට පැහැදිලි කරන්න බෑ. පැහැදිලි කලත් මට ඔප්පු කරන්න බෑ.
එක එක මිනිස්සුන්ට එක එක ජාතියේ පිස්සු හැදෙනවනේ. මට පොඩි කාලේ ඉදන් තිබුන සුර්ය කෝෂ solar panel පිස්සුවක්. ඉතින් එක එක එක්ස්පෙරිමන්ට් කර කර තමයි හිටියේ ඒ කාලේ ඉදන්. මට ඕන උනා ෆෝන් එක ෆුල් solar power එකෙන් චාර්ජ් කරන්න. මම ebay එකෙන් ගෙන්නුවා solar panel එකකුයි regulator එකකුයි. දැන් අහන්න මොකක්ද regulator එක කියන්නේ කියලා. එකෙන් වෙන්නේ වැඩියෙන් වෝල්ටීයතාවයක් ආවත් අඩුවෙන් ආවත් එකම ගානක් තමයි එලියට දෙන්නේ. එත් තේරුනේ නැත්නම් ඒක මැජික් පෙට්ටියක් කියල හිතාගෙන කතාව කියවන්න. මේක රු 200 ක් වගේ උනේ. USB එකක් හයි කරන්න පුළුවන් නිසා වැඩේ ලේසි.
Wednesday, November 20, 2019
අපි නාකි වෙලාද?
කොහේදෝ මන්දා පොතක තිබුනා මගතොටදී කවුරු හරි දැක්කම මල්ලි කියනවා නම් තාම තරුණයි, අයියේ කියනවා නම් දැන් ටිකක් තරුණකම පහු වෙලා, අන්කල් කියනවා නම් දැන් මැදිවියේ, සියේ කියනවා නම් දැන් උබ නාකි කියලා. ඇත්තම කතාව තමන්ගේ වයස ගෙවිලා යනවා තමන්ට තේරෙන්නේ නෑ.
සමහරු ඉන්නවා තමන් ඉන්න වයස මොකක්ද කියල දැනගෙන වැඩ කරනවා, හැබැයි සමහරු තමන් දැන් වයසයි කියලා දන්නේ නෑ, තවත් පිරිසක් ඉන්නවා මම දැන් නාකි කියාගත්ත ගමන්මයි ඉන්නේ. මේ අතරින් මම නම් වැඩියෙන් දකින්නේ දෙවැනි හා තුන්වෙනි පිරිස.
තමන් ඉන්න වයස මොකක්ද කියල දන්නා පිරිස අනාගතේ ගැන හිතල හොදට ප්ලැන් ගහනවා. උන් ගැන කියන්න දෙයක් නෑ උන් ගොඩම තමයි. හැබැයි තමන්ගේ වයස අමතක පිරිස තමයි අවුල්. උන් ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නේ නෑ ඉස්කෝලෙන් අවුට් වෙලා දන්නෙම නෑ. ඊට පස්සේ රටේ තියෙන ඔක්කොම කෝසස් වලට යනවා දෙමවුපියන්ගේ සල්ලි වලින්. රස්සාවල් කරන්න ඕන කාලේ රස්සාවල් කරන්නේ නෑ රස්සාවකට යන්න බැරි විදියට වයසට යනවා දන්නේ නෑ. ඔන්න එක සැරේට රස්සාවල් හොයන්න ගන්නවා එතකොට රස්සාවල් නෑ. ආදරේ කරන්න ඕන කාලෙ ඒක කරන්නෙත් නෑ නාකි වෙන්න යනකොට ඔන්න මද කිපෙනවා. ඊට පස්සේ ගෙවල් වල මිනිස්සුන්ට හිසරදේ අපේ කොල්ලට, අපේ කෙල්ලට තාම කසාදයක් කරගන්න බැරිඋනා කියා කියා ඉතින් හදහන් උස්සන් යනවා දහ අතේ. ඊට පස්සේ අමාරුවෙන් හරි හොයල දෙන මනුස්සයාගේ ඇද කියන්න ගන්නවා. ලස්සන නෑ , උස නෑ , සුදු නෑ , අදහස් ගැලපෙන්නේ නෑ. ඊට පස්සේ කෙල්ලෙක්ට බස් එකක යන්නවත් නැතිවෙනවා. (හොදට බලන්න බස් වල යන කාන්තාවන්ට අතවර වෙන්නේ තරුණ ඒ කිව්වේ යොවුන් වියේ කොල්ලොන්ගෙන් නෙවෙයි. ඒක ගැන වෙනම ලියන්න වෙනවා. එක්කෝ නොලියම ඉන්නම්).
Tuesday, November 19, 2019
දැන් හැමෝම යූ ටියුබර්ස්ලා ය...
මම දන්නේ නෑ මේක ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක්ද නැත්නම් වෙන රටවලත් තියෙනවද කියලා. මම දැකපු දෙයක් තමයි මිනිස්සු කවුරු හරි කරන දෙයක් ඒ විධියටම කොපිකරලා අනුකරණය කරලා ගොඩ යන්නම තමයි බලන්නේ. තමන්ගේ කියලා දෙයක් කරන්න බලන්නේ අඩු පිරිසක්. කවුරු හරි කිව්වොත් මම මේක කරලා සල්ලි හොයනවා කියලා ඔන්න ඔක්කෝටම ඕන ඒක කරලා සල්ලි හොයන්න.
මේ දවස් වල හොඳටම දකින දෙයක් තමයි යු ටියුබ් එකේ වීඩියෝස් හදන එක. දැන් හැමෝම YouTubers ලා වෙලා. අවුරුදු පහේ පොඩි උන්ටත් චැනල් තියෙනවා. කීපදෙනෙක් අමාරුවෙන් චැනල් හදාගෙන කීයක් හරි හොයනවා කිව්වම දැන් හැමෝටම ඕන ඒකම කරන්න. මෙහෙම කරන එකෙන් ළගදීම හැමෝටම කෙල වෙලා යන බව නම් හොඳටම ෂුවර්. කොහොමත් දැනටත් ලංකාවේ ඇඩ් සෙන්ස් ක්ලික් එකකට ගෙවන ගාන අඩුවෙන්න හේතුවත් මේ වගේ වැඩ තමයි. මීට කලින් ඔහොමම කෙල වෙච්ච එකක් තමයි facebook එකේ page හදාගෙන ebay බඩු විකුනපු එක. එකෙක් අමාරුවෙන් ඕක ගොඩ දාගෙන යනකොට හැමෝම කරන්න පටන් ගත්තා. අන්තිමට competition එක වැඩි උනා, ඔක්කොගෙම බිස්නස් වලට කෙල උනා. මුලින් කරපු එකාටත් කීයක් හරි හොයාගන්න චාන්ස් එක නැති උනා.
Monday, November 18, 2019
කෝ මේ බ්ලොග් ලියපු කියවපු උන් ?
ලියන්න පුළුවන් වෙලාවට ලියන්න ඕන කියල හිතුන නිසා තව පොස්ට් එකක් ලියන්න හිතුනා. අද මට උදේ නැගිට්ට ගමන් මතක් උන දෙයක් තමයි එක්තරා කාලයක් තිබුන බ්ලොග් ලියන එක කියවන එක උණක් වෙච්ච. ඒ කාලේදී මිනිස්සු පිස්සුවෙන් වගේ බ්ලොග් ලිව්වා. සමහරු බ්ලොග් දෙක තුනක් ලිව්වා. අපි ඔෆිස් වල වෙලාවක් අපු ගමන් යන්නේ අලුතෙන් ආපු පොස්ට් කියවන්න. බ්ලොග් දර්ශක තිබුනා ඔක්කොම බ්ලොග් එක තැනකින් කියවන්න පුළුවන් විදියට. කොටින්ම කියවනවා නම් මට මතකයි දවසක් ඇතුලත කියවල ඉවර කරන්න බැරි තරම් පොස්ට් ඒවා පබ්ලිෂ් උනා. ඇයි බ්ලොග් ඒවා අතර පට්ට වලි ගියා. වලි කිව්වේ පොස්ට් වලින් දෙපැත්තට ගහ ගන්න එක. ඒවා කියවන එක තරම් රසවත් නෑ වෙන කිසිම දෙයක්.
සිරාවට කෝ දැන් කියවපු අයයි ලියපු අයයි දෙගොල්ලොම නැතිවෙලා ගිහින් වගේ මට හිතෙනවා. මේක වෙන්න හේතුවක් මට හිතා ගන්න බෑ. බ්ලොග් කියවන ලෝකේ නිකන් ක්ෂේම භූමියක් වගේ තිබිලා දැන් නිකන් කාන්තාරයක් වගේ වෙලා. සමහර ය ඉන්නවා තාමත් මාසෙට පෝස්ට් හතරක් වත් ලියන අය. සමහර අය ඉන්නවා මම වගේ ඉඳල හිටලා පෝස්ට් එකක් දාල අතුරුදහන් වෙලා යනවා. මට හිතට එන හේතු කීපයක් තිබුනත් සමහර ඒවා මම විසින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒවා නම්
Sunday, November 17, 2019
ලෙඩ වලින් මම බේරුන හැටි

කාලෙකට පස්සේ නිවාඩුවක් සෙට් උනා. ඒ අස්සේ චන්දෙත් අවා. මට හිතුනා බ්ලොග් එක ආයිත් පටන් ගන්න ඕන කියලා. කොහොමත් නිදහසේ ඉන්නකොට බ්ලොග් එක ලියන්න ඕන කියල හිතෙනවා ආයිත් වැඩට ගියාම එපා වෙනවා. කොහොම හරි ඕන වෙච්ච වෙලාවෙ ලියනවා.
අද ලියන්නේ ලෙඩක් ගැන. දියවැඩියාව සහ අධි රුධිර පීඩනය මට ඉතින් තාම නෑ. හැබැයි ඉතින් ජාන වලින් එන්න තියෙනවා ඉස්සරහට. දැන් පොඩ්ඩ පොඩ්ඩ ඒ ලක්ෂණ පහළ වේගෙන එනවා. ඉස්සර නම් ගණන් ගත්තේ නෑ. හැබයි දැන් පොඩ්ඩක් බය වෙනවා. ඉස්සර ඉදන්ම දොස්තරලා කිව්වා දැන් නම් පරිස්සම් වෙන්න ඕන නැත්නම් බෙහෙත් බොන්න වෙයි කියලා. කොහොම හරි පරිස්සම් උනේ නම් නෑ. අන්තිමේදී ලෙඩවල් දෙකම රතු කට්ට පනින සීමාවට ආවා.
Subscribe to:
Posts (Atom)