Wednesday, December 25, 2019

ආයිත් සීනි දාපුවා කන්නෙම නෑ

Photo by Sharon McCutcheon on Unsplash

ඉස්සර දවසක මෛත්‍රී මාමා මයිලෝ පැකට් එකක් අරන් "මේවා බොන්න හොඳ නෑ සීනි" කියල කිව්වා මතකද? අපි ඇත්තටම කලේ ඒ මනුස්සයට හිනා වෙච්ච එකයි fb පොස්ට් දාපු එකයි. ජනාධිපති කෙනෙක්ට එහෙම හිනාවෙච්ච රටක් නම් මම දන්නේ නෑ. හැබැයි ඒ මනුස්සයා කිව්ව කතා මොනවා උනත් සිනි ගැන කියපු කතාව 100% ක් ම හරි කියලා මේ ලඟදි  මම බැලුවම තමයි තේරුනේ. සාමාන්‍ය මනුස්සයෙක් ගේ දවසක සිනි පරිභෝජනය The American Heart Association (AHA) එකෙන්  සිමා කරලා තියෙනවා මේ විදියට.

පිරිමි - 37.5 grams or 9 teaspoons
ගැහැණු - 25 grams or 6 teaspoons

මේකත් කියවල බලන්නකෝ බොරු නම්.
https://www.heart.org/en/healthy-living/healthy-eating/eat-smart/sugar/how-much-sugar-is-too-much

මේ කියන්නේ අපි සීනි බෝතලෙන් අරන් කන ඒවා නෙවෙයි දවස තිස්සෙම කෑම වලින් ලැබෙන සිනි ප්‍රමාණය. මම මේක දැකලා මයිලෝ පැකට් එකක් අරන් බැලුවම මගේ ඇස් උඩ ගියා..මේක කියන විදියට මයිලෝ පැකට් එකක් බිව්වා කියන්නේ ආයිත් දවසට කිසිම දෙයක් නොකා නොබී ඉන්න වෙනවා. හැබැයි මම දවසට මයිලෝ දෙක තුනක් බීපු දවස් තිබුනා මට මතකයි.  මයිලෝ විතරක් නෙවෙයි හිතන්න වත් බෑ නේද පැණිරස නැති පාන් , නූඩ්ල්ස් , කෝන් ෆ්ලෙක්ස් වගේ දේවල් වලට සිනි දානවා කියලා. නුඩ්ල්ස් වල සීනි ? මට මුලදී විස්වාස කරන්නත් බැරි උනා.  හිතනවටත් වඩා දානවා. හොදම දේ සුපර් මාර්කට් එකකට ගිහින් රවුමක් දාල එක එක අයිටම් වල සීනි කොච්චර තියෙනවද කියල බලන එක. එතකොට තමයි තේරෙන්නේ. මේ තියෙන්නේ මයිලෝ පැකට් එකක්.
මීට කලින් මම ලියපු පොස්ට් එකකත් කිව්වා (link) මම සැහෙන ගේමක් දෙනවා පරම්පරාවෙන් එන බ්ලඩ් ෂුගර් ලෙඩෙන් බේරෙන්න. දැන් මම ඉන්නේ Pre-diabetes කියන අවස්ථාවේ. රුධිරයේ සීනි වැඩි කියල  ඇත්තටම එක අදුරගන්නකොටත් අග්න්‍යාශයෙන් වැඩි කොටසක් විනාස වෙලා තමයි හොයාගන්න වෙන්නේ. ඉතින් එකෙන් බේරෙන්න මම දන්නා සෙල්ලම් ඔක්කොම දානවා. 

ඉස්සර මම පොඩි කාලේ පොතක දැක්ක සිනි කියන්නේ කොකේන් වගේම ඇබ්බැහි වෙන දෙයක් කියල. මාෆියාවක් වගේ සිනි නිපදවන කොම්පැනි සැහෙන බලවත් නිසා එයාලගේ බිස්නස් එක වැටෙන්න නොදී පවත්වා ගන්න ඕනෑම දෙයක් කරයි. එක හරියට අර තෙල් සමාගම් සෝලා පැනල් වලට ඉසාරහට එන්න දෙන්නේ නෑ වගේම දෙයක්. සිනි සමාගම් වල කස්ටමර්ස්ලා වෙන්නේ මිනිස්සු නෙවෙයි බීම සමාගම් වගේ වෙනත් කොම්පැනි. මම youtube වීඩියෝ එකක දැක්කා, මේ සිනි පරිභෝජනය නිසා මිනිස්සු ලෙඩ්ඩු වෙන එක ගැන ඇමරිකාව වගේ රටවල් අවුරුදු 50 ක 60 ක ඉඳල දන්නවා. හැබැයි මුකුත් කරන්න බෑ. එක සැරයක් කොකා කෝලා වගේ ලොකු සමාගම් වල ලොකුම පුටු එකතු කරලා සාකච්චාවක් තියලා තියෙනවා හැබැයි එතැනදී ලොක්කෝ ටික කියල තියෙන්නේ "අපි පාරිභෝගිකයින්ට තෝරලා ගන්න අවස්ථාවක් දීලා තියෙනවා. බල කරන්නේ නෑ. බොන නොබොන එක එයාලගේ වැඩක්". කට උත්තර නැහැනේ. අපි නේ වැරදි. උන් බලෙන් අපිට පොවන්නේ නැහැනේ. අපිනේ අරන් බොන්නේ. ඉතින් ඉල්ලුම තියෙනකොට සැපයුම දෙන්න වෙනවනේ. (පහල තියෙනවා වීඩියෝ එක)

කොහොම හරි මම හිතා ගත්ත සම්පුර්න සිනි කෑම නවත්තන්න. මොකද මේ කියන විදියට සිනි කියන දේ අපිට ලොකුවට ගන්න ඕන නෑ  කන කෑම වලින් ලැබෙනවා. මම කියවපු විදියට නම් දවස් දහයක් සිනි වලින් ඈත් උනොත් ඒක දිගටම තියාගන්න පුළුවන් කියල. සිනි නවත්තන්න ඕන ගොනෙකුට පුළුවන් කියලා ඕන ගොනෙක් කියයි. මමත් හිතුවේ ඕක සිම්පල් කියල. හැබැයි අපි ඇබ්බැහි වෙලා එකෙන් ගැලවෙන්න බැරිව ඉන්නේ කියල දැනෙන්නේ දවස් තුනක් විතර යද්දී. පලවෙනි දවස් තුන මම හොදට හිටියට තුන් වෙනි දවස් ඉවර වෙද්දී මම අමුතු විදියට වියරු වැටුන. ඒක හරි සාමකාමී වියරුවක්. සීනි දාල හොද තේකක් බිව්වනම්. ස්ප්‍රයිට් එකක් වත් බිව්වා නම් කියල හිතෙන්න ගත්ත. සීනි රසට එන ෆිලින් එක මතක් වෙන්න ගත්ත. කොල්ල කොහොම හරි කාගෙන හිටියා. බත් කන වේල් ගාන එකකට බැස්සුවා. රෑට එළවලු තම්බල කෑවා. 

සම්පුර්නම නැවැත්තුවා කිව්වට දෙසැරයක් විතර කේක් කැලි දෙකක් කෑවා අමතක වෙලා. හැබැයි 7 වෙනි දවස් වෙනකොට මගේ සිහියත් නිකන් අවුල් වගේ. ඔන්න එක සැරේට ඔක්කොම ආයිත් හරියන්න ගත්ත. ඒ කියන්නේ නිකන් මීදුමක් මැද්දෙන් ආවා වගේ මම ප්‍රකෘත්ති තත්වෙට ආවා 9 වෙනි දවස වෙද්දී. අන්තිම දවසේ මම දවල්ට බත් කාලා පැය දෙකකින් බ්ලඩ් ටෙස්ට් කලා. රිසල්ට් එකෙන් මම පුදුම උනා. දැන් මට මාර සතුටක් දැනෙන්නේ. මම යුද්දෙකින් දිනුවා වගේ. ඉස්සරහට ඕන උනොත් සිනි කෑම කනවා හැබැයි ගොඩ ගොඩවල් නෙවෙයි. දිවට පොඩ්ඩක් රස දැනෙන්න බොහොම ටිකක්. 

කොච්චර චන්ඩි උනත් සිනි කන එක නවත්තන්න සහ ඈත්  හැමෝටම බෑ. එකටත් හිතේ හයියක් තියෙන්න ඕන. උදේට හවසට තේකක් නැතුව ජිවත් වෙන්න හැමෝටම බෑ. ඒකටත් කැපකිරීම සහ හිතේ හයිය තියෙන්න ඕන. මගේ ජිවිතේ ගැන හිතල මම ඒ කැපකිරීම කළා. එකෙන් මට නැති උනේ බොහොම පොඩි සතුටක් විතරයි. සිනි වලින් වෙන්නේ අපිව සතුටු කරන එක. මේකේ ජීව විද්‍යාත්මක පැත්ත කියන්න මම දොස්තර කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ හයිපොතැලමස් කොටස උත්තේජනය වෙනවා ඇති අරක්කු බොනකොට වගේ මොලේට සීනි ගිහින්.  දන්නා කෙනෙක් කොමෙන්ට් එකක් දාල කියලා දෙන්න.

මේ වගේ අත්දැකීම් තියෙනවා නම් අපිට දැනගන්න පහලින් කොමෙන්ට් කරලා යන්න.

චන්ඩි නම් සිනි නොකා ඉදල පෙන්නපල්ලා ! රහසක් කියන්නම් සිනි කන්නේ නෑ කියල නොකා ඉද්දි සිනි ඕනම වෙලා ඔලුව නරක් වේගෙන, වියරු වැටීගෙන වගේ එනවා නම් පලතුරු කෑල්ලක් කන්න. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. ඇඟටත් ගුණයි



1 comment:

Anonymous said...

මම සතියේ වැඩ කරන දින පහම සීනි කෑමෙන් වලකිනවා. මොකද office එකේ හැමදාම කාගෙන් හරි cake, වෙන පැණිරස දේවල් ලැබෙන නිසා. සති අන්තෙ ඔය කියපු තේ හැඳි නමයට අඩුවෙන් පාවිච්චි කරනව.