Sunday, November 17, 2019

ලෙඩ වලින් මම බේරුන හැටි

Image result for afraid to medicine

කාලෙකට පස්සේ නිවාඩුවක් සෙට් උනා. ඒ අස්සේ චන්දෙත් අවා. මට හිතුනා බ්ලොග් එක ආයිත් පටන් ගන්න ඕන කියලා. කොහොමත් නිදහසේ ඉන්නකොට බ්ලොග් එක ලියන්න ඕන කියල හිතෙනවා ආයිත් වැඩට ගියාම එපා වෙනවා. කොහොම හරි ඕන වෙච්ච වෙලාවෙ ලියනවා.

අද ලියන්නේ ලෙඩක් ගැන. දියවැඩියාව සහ අධි රුධිර පීඩනය මට ඉතින් තාම නෑ. හැබැයි ඉතින් ජාන වලින් එන්න තියෙනවා ඉස්සරහට. දැන් පොඩ්ඩ පොඩ්ඩ ඒ ලක්ෂණ පහළ වේගෙන එනවා. ඉස්සර නම් ගණන් ගත්තේ නෑ. හැබයි දැන් පොඩ්ඩක් බය වෙනවා. ඉස්සර ඉදන්ම දොස්තරලා කිව්වා දැන් නම් පරිස්සම් වෙන්න ඕන නැත්නම් බෙහෙත් බොන්න වෙයි කියලා. කොහොම හරි පරිස්සම් උනේ නම් නෑ. අන්තිමේදී ලෙඩවල් දෙකම රතු කට්ට පනින සීමාවට ආවා.