කාලයක් තිබුනා මම බ්ලොග් ඒවා පිස්සෙක් වගේ කියවපු. ඒක වෙනම ආතල් එකක්. බ්ලොග් බුක් මාක් කරලා බ්‍රව්සරේ ඉඩ මදි උනාම RSS syndicators වලට මාරු උනා. ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ. කැත interface එකක් එක්ක කියවන්න ආස හිතුනේ නෑ. එතකොට තමා ඔන්ලයින් සින්ඩි වලට මාරු උනේ. ඒක නැගලා ගියා. ඉස්සර හොද සින්ඩි ගොඩක් තිබුනා. දැන් තියෙන්නේ ඒවායින් බොහොම ටිකයි. ඒවත් වැහිලා යයිද කියලා සැකයි. අලුත් බ්ලොග් සයිට් ඒවාට එනවා නම් පෙන්නේ නෑ. ඉස්සර බ්ලොග් එකක් සින්ඩි එකකට දාන්න මේල් දාලා ඇප්රුව් කරලා, බැජ් එකක් අපේ සයිට් එකට දාල හෙන සෙල්ලමක් කරන්න ඕනා .ඒකම නිසාද මන්දා මිනිස්සුන්ට එපා උනේ. එක අතකට එහෙම කියන්නත් බෑ. හොස්ටින්ග් චාජ් ඩොමේන් චාර්ජ් බැලුවම වාසියක් නැහැනේ.
