Sunday, April 5, 2020

කොරෝනා අස්සේ ටෙක් කතා ඇවිල්ලා




වර්ක් ෆ්‍රොම් හෝම් කරුමෙන් යන්තං ගැලවුණා දවස් දෙකකට. ආයිත් සඳුදා ඉඳන් වැඩ. ඒකෙනුත් සෙනසුරාදා උදේ වරුවම ගියා ඔන්ලයින් බඩු ගෙන්නන්න ට්‍රයි කරපු ඒක. ඒක හරි ගියේ නෑ. කීල්ස් ,කාගිල්ස්, ආර්පිකෝ , ලාර්ෆ්, පික් මී, උබර් ඔක්කොම ට්‍රයි කළා.
කෝල් ලයින් ඔක්කොම බිසී. 

ලංකාවේ තාක්ෂනේ කොච්චර දියුණු උනත් වැඩක් නෑ එකෙන් කාර්යක්ෂම වැඩක් ගන්න බැරි නම්. පුදුම කලකිරීමක් මට ආවේ. ඒ අස්සේ එක එකා පෝස්ට් දානවා කෑම හිඟ වෙනවා කියලා. අවිශ්වාස කරන්නත් බෑ විශ්වාස කරන්නත් බෑ. මම ඉන්න හරියේ බඩු වලට ඉල්ලුම වැඩියි. ඒ නිසා තියෙන සුපර්මාර්ක්ට අල්ලන්න හරිම අමාරුයි. අනික මම ඉන්නේ ගොඩක් ඇතුලට වෙන්න නිසා බඩු ලොරි එන්නේ නෑ. 

ගෙදර ඉන්නවා කියලා මට කම්මැලි නම් දැනෙන්නේ නෑ මොකද ඔෆිස් එකේ වැඩ නිසා. හැබැයි ඉතින් පොඩ්ඩක් එළියට වෙලා හවසට එහෙට මෙහෙට ඇවිදිනවා ව්‍යායාමයක් නැති නිසා. ඒ ගමන් තියෙන පොඩ් කාස්ට් ඔක්කොම අහනවා. 

කාලේකට පස්සේ ටෙක් කතා පොඩ්කාස්ට් එකක් රිලීස් වෙලා. පුදුම සතුටක් තියෙන්නේ. ටෙක් කතා කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ජිවිතේ වෙනස් කරපු පොඩ්කාස්ට් එකක්. මගෙත් එහෙමයි. කවදාවත් software ෆීල්ඩ් එකට එන්න හිතුවේ නැති මම එහෙම ඇවිල්ලා හොඳ තැනක ඉන්නේ ටෙක් කතා වලට පින් සිද්ද වෙන්න. කාලිංග අයියා, (හැමෝම කතා කරන්නේ එහෙමයි. ) කියන්නේ එක කාලෙක legend එකක්.  ඒ කියන්නේ අපි පොඩි කාලේ එයා අපේ වීරයා.
තාමත් අපිට එයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් පොඩ්කාස්ට් කරන ගොඩක් අයට පදනම වැටුණේ මේ techkatha පොඩ්කාස්ට් එක නිසා.

දැන් ගොඩක් හොඳ පොඩ්කාස්ට් තියෙනවා illumination, topic එක තමයි මගේ ලීස්ට් එකේ දෙවැනි සහ තුන වෙන්නේ.  ඔක්කොම හොදයි. අපිට ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද කියනවා නම් මේවා ඇතුලේ කතා වෙන්නේ මිනිස්සුන්ගේ අත්දැකීම් නිසා අපිට ඒ ඒ අවස්ථාවලදී අනිත් අය ගන්න තීරණ වලින් හොඳම එක අපිට යොදාගන්න පුළුවන්.

Illumination ගැන ඉතින් ආයිත් කියන්න දෙයක් නෑ සුපිරි. Topic එක අහං ඉන්න ආශා හිතෙන එකක්.

පොඩ්කාස්ට් කියන්නේ මොනවද කියලා වත් දන්නේ නැති අය ඉන්නවා. ඒ අයටත් එක්ක මම ලංකාවේ හොදම පොඩ්කාස්ට් ටික අහන්න පුළුවන් සයිට් එකේ ලින්ක් එක දෙන්නම්. තෝරලා බේරලා හොඳ ඒව විතරක් අහන්න. නැත්නම් වැඩකට නැති ඒවත් තියෙනවා. ඒව අහන එක අපේ කාලේ නාස්ති කිරීමක්. 

මෙන්න ලින්ක් එක

https://podcasts.lk/
 මේ සයිට් එක හදපු කෙනාගේ නම දන්නේ නැති උනත් මල් තියලා වදින්න ඕන. එච්චර ලස්සනයි නියමයි.

පොඩ්කාස්ට් පිස්සෙක් වගේ අහනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ google podcast ඇප් එක. ඒක සරලයි ලේසි.

No comments: