Monday, December 30, 2019

ඔක්කොම බ්ලොග් එකම තැනකින්



කාලයක් තිබුනා මම බ්ලොග් ඒවා පිස්සෙක් වගේ කියවපු. ඒක වෙනම ආතල් එකක්.  බ්ලොග් බුක් මාක් කරලා බ්‍රව්සරේ ඉඩ මදි උනාම RSS syndicators  වලට මාරු උනා. ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ. කැත interface  එකක් එක්ක කියවන්න ආස හිතුනේ නෑ. එතකොට තමා ඔන්ලයින් සින්ඩි වලට මාරු උනේ.  ඒක නැගලා ගියා. ඉස්සර හොද සින්ඩි ගොඩක් තිබුනා. දැන් තියෙන්නේ ඒවායින් බොහොම ටිකයි. ඒවත් වැහිලා යයිද කියලා සැකයි. අලුත් බ්ලොග් සයිට් ඒවාට එනවා නම් පෙන්නේ නෑ. ඉස්සර බ්ලොග් එකක් සින්ඩි එකකට දාන්න මේල් දාලා ඇප්රුව් කරලා, බැජ් එකක් අපේ සයිට් එකට දාල හෙන සෙල්ලමක් කරන්න ඕනා .ඒකම නිසාද මන්දා මිනිස්සුන්ට එපා උනේ. එක අතකට එහෙම කියන්නත් බෑ. හොස්ටින්ග් චාජ් ඩොමේන් චාර්ජ් බැලුවම වාසියක් නැහැනේ. 

විශේෂයෙන් .lk  ඩොමේන් ගිනි ගණන් නේ? ඩොමේන් ඒකාධිකාරයක් තියෙන්නේ ලංකාවේ නම්. අන්තිමට මේ අවුරුද්දේ මුල ගත්ත ඩොමේන් එකට 3500 ක් ගෙව්වා වගේ මතකයි. .com  ඒවා දෙකක් ගන්න පුළුවන්. renew කරන්න ඒ වගේ දෙකක් ගෙවන්නත් ඕන. දවස් තුනක් බලන් හිටියා මම .lk  එකක් ඇප්ලයි කරලා ඇප්රුව් වෙනකන්. නිකන් රජයේ ආයතනයක් වගේ . ආයිත් නම් .lk  ගන්නේ නෑ කියලා එදා හිතා ගත්තා. 

කොහොම හරි දැන් බ්ලොග් කියවන්න කියලා ඉතිරිවෙලා තියෙන්නේ මම දන්නා සයිට් වලින් මෙච්චරයි.

https://kottu.org/

https://syndi365.info/

http://lankabloggers.com/

https://atampahiya.blogspot.com/

https://atampahura.blogspot.com/

http://ukussablogreader.blogspot.com/

http://maathalangesindiya.blogspot.com/

http://api-apita.blogspot.com/

https://sinhalayasindiya.blogspot.com/

http://nohimsithuwili.blogspot.com/

http://kurutugegeepawra1.blogspot.com/

http://karakoppuwa.blogspot.com/

https://apeablog.blogspot.com/


හිතුවට වඩා නම් ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මම කවදා වත් කියවපු නැති හුදකලා බ්ලොග් කීපයකුත් දැක්ක මම මේ සින්ඩි වලට යද්දී. ගොඩක් තියෙන්නේ blogspot  එකේ හදපුවා. මුලින්ම තියෙන්නේ මම දන්නා හොදම එක කොත්තු. එදා ඉදන් අද වෙනකන් හොදට වැඩ. අලුත් එකක් ලගදී ආව syndi365. ඒක ටිකක් ලස්සනයි. අකුරුත් ලොකු නිසා කියවන්න ලේසි. අප්ටු ඩෙට්.  

ගිහින් කියවලා බලන්න අපි නොදන්නා හොද  බ්ලොග් අඩවි මුණගැහේවි. මෙතන නැති ඒවා තියෙනවා නම් පහලින් කොමෙන්ට් එකක් දාල යන්න මටයි කියවන අනික් අයටයි ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් මම ගියා. 
ජය වේවා! සුබ 2020 ක් වේවා.

1 comment:

Anonymous said...

thawth syndi ekk https://sithuvili.info/