Thursday, December 5, 2019

මුහුදු රළ මගින් විදුලිය නිපදවන්න බැරි හේතු.

ඕනෑම දෙයක චාලක ශක්තියක් විද්‍යුත් ශක්තියට හරවන්න පුළුවන් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුහුදු රළ ඔහේ හැපී හැපී තියෙනවා. ලෝකේ වැඩිම ප්‍රමාණයක් මුහුදෙන් වැහිලා තියෙනවා. මේවා විදුලිය නිපදවන්න යොදාගන්න බැරි ද? පුළුවන් ලංකාවෙත් ඒ ගැන පර්යේෂණ කෙරුණා. එත් ප්‍රශ්න තියෙනවා..

1.  මුහුදු ජලයේ තියෙන ලුණු ගතිය නිසා උපකාරන ඉක්මනට මලකඩ කාලා යනවා. නඩත්තු කරන්න අමාරුයි. වියදම වැඩියි. මිනිස්සුන්ට අමාරුයි වතුර යට මේවා හදන්න යන්න. ඉංජිනේරු වෘත්තිය එකක් කිමිදෙන එක තව එකක්.



2. චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හරවන්න තියෙන අපි දන්නා ලේසිම ක්‍රමේ තමයි ඩයිනමෝව. මේකක් මුහුද මැද්දේ හයි කරලා පාවෙන්න තියෙන්න ඕන. ඒක ලේසි නෑ. ඒ වගේම නිපදවෙන විදුලිය කේබල් වලින් ගොඩබිමට අරන් එන එක ගොඩබිම විදුලිය හදනවාට වඩා අමාරුයි.


3. මුහුදු රළ ඉස්සරහට ගිහින් ආපහු එනවා. සමහර වෙලාවට දිශාව වෙනස් වෙනවා, උඩට පහලට යනවා, හැබැයි ඩයිනමෝව කැරකවෙන්නේ එක පැත්තකට විතරයි. ඒ හින්දා ඩයිනමෝ එකට වඩා කාර්යක්ෂම විදියක් ඕන වෙනවා මේ වැඩේට. එහෙම නැත්නම් මේ වගේ දෙයක් කරන්න වෙනවා..


ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි තාමත් මේ කටයුතු පස්සට යන්නේ. මේ වගේ දෙකට සල්ලි යොදවන්න කවුරුත් කැමති නෑ. අනික මම කලින් පෝස්ට් එකක ත් කිව්වා වගේ මේ වගේ පර්යේෂණ කටයුතු කඩාකප්පල් කරන්නත් එපා කරවන්නත් බලවේග ක්‍රියාත්මක වෙනවා කියන එක පුදුමයක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට එකක් දාලා යන්න. 

No comments: