Monday, November 25, 2019

මොකක්ද සුර්යකෝෂ වල තියෙන අවුල ?



සූර්ය කෝෂ කියන්නේ ලෝකේ දැනට තියෙන පරිසර හිතකාමි බලශක්ති වලින් ඉදිරියෙන්ම ඉන්න ශක්තියක්. කවදා හරි පොළවේ යට තියෙන තෙල් නිධි ටික ඉවර උනාම ලොකු ප්‍රශ්නයකට මින්සුන්ට මුණදෙන්න වෙනවා. මේ කියන්න යන්නේ සුර්යකෝෂ ගැන හැඳින්වීමක් නෙවෙයි. මේවා මෙච්චර හොද නම් ඇයි මිනිස්සු පාවිච්චි කරන්න මෙච්චර කල් ගියේ කියල කියන්න යන්නේ.

පලවෙනි හේතුව ඔව් හැමෝම දන්නවා වගේ මිල අධිකයි. පැනල් එකක් හයි කරලා ඒ වියදම කවර් කරන්න අවුරුදු ගානක් යනවා. හැබැයි එකට සාධාරණ හේතුවක් තියෙනවා. ඒවා නිෂ්පාදන වියදමත් වැඩියි. මොකද ඒවා මහා පරිමාණයෙන් හදන කර්මාන්ත ශාලා බොහොම කීපයයි තියෙන්නෙත්. හොද පැනල් එකක් හදන්න හොද Semiconductors ඒ කියන්නේ අර්ධ සන්නායක ඕනා අතර ඒවා හදන පරිසරය ඒ කියන්නේ කර්මාන්තශාලාව පිරිසිදු වෙන්න ඕන දුවිලි පොඩ්ඩක් වත් නැති වෙන්න. ඉතින් ඕක හදන්න විතරක් නෙවෙයි කර්මාන්තශාලාව නඩත්තු කරන්නත් සැහෙන වියදම්. මම දන්නේ නම් නෑ ලංකාවේ හදනවද කියල. හැම මනුස්සයටම මේක සල්ලි දීල කරන්න බෑ. පරිසරය ආරක්ෂා කරන්නත් සල්ලි ඕන. 




ඊලග හේතුව සුර්ය කෝෂ වලට තාමත් සුර්ය ශක්තියෙන් 22% ක් වගේ ගානක් තමයි විදුලිය බවට පරිවර්තනය කරන්න පුළුවන්. අනිත් ටික ඔක්කොම තාපය විදියට හානි වෙනවා. මේවා තාමත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඉතින් අවශ්‍යතාව අනුව කාර්යක්ෂමතාවය මදි.

හැම රටටම හරි යන්නේ නෑ. මොකද ලංකාව වගේ නෙවෙයි සමහර රටවල් අවුරුද්දේ වැඩි මාස ගානක් හිම වැටෙනවා එහෙම නැත්නම් ඉර එලිය වැටෙන්නේ අඩුවෙන්. සල්ලි තිබුනත්, උනන්දුව තිබුනත් , සුර්ය කෝෂ තිබුනත් ඉර එලිය මදි නිසා වැඩක් ගන්න බෑ. ඉර එලිය වටෙන ප්‍රදේශයක ඉඳල අනිත් ප්‍රදේශ වලට වයර් දිගේ අරන් යන්න පුළුවන්, එත් එකට යන වියදම වැඩි. අවදානමක් ගන්න කිසිම රජයක් ,රටක් කැමති නෑ.

රෑට ඉර නෑ, එතකොට විදුලිය ගබඩා කරන්න වෙනවා. මේකට බැටරි ඕන. ටෙස්ලා වගේ කොම්පැනි කරන්නේ එහෙමයි. හැබැයි ගාන අපි වගේ පුංචි මිනිස්සුන්ට දරන්න බෑ. පුංචි රටවල් වලට දරන්නත් බෑ.

ගෙදරකට නම් පැනල් කීපයක් හයි කරලා දුවන්න පුළුවන් උනාට මහා පරිමාණයෙන් විදුලිය නිපදවල කර්මාන්ත ශාලා කාර්යාල වගේ විදුලි අවශ්‍යතාව සම්පුර්ණ කරන්න නම් පැනල් ගොඩක් ඕන ඒ වගේම හයි කරන්න විශාල ඉඩක් ඕන. 



හරියට කලේ නැත්නම් මේකත් පරිසර දුෂණයක් වෙනවා. මොකද කියනවා නම් මේ සුර්යකෝෂ හදන්න ගන්න අමුද්‍රව්‍ය පරිසර හිතකාමී නෑ භයානක රසායනික ද්‍රව්‍ය හා පාවිච්චි කරන්න වෙනවා. අපි දන්නේ නෑ මේවා හදන කර්මාන්ත ශාලා මේ නිෂ්පාදනයේ අපද්‍රව්‍ය කොහොම බැහැර කරනවද කියල. කොහොම කලත් ඒවා බැහැර වෙන්නේ අපේම පෘතුවිය ඇතුලේ කොහේ හරි තැනකටම තමයි. අනික භාවිතයෙන් ඉවත් කරන සුර්ය කෝෂ තැන තැන දැම්මොත් එකත් විසාල ප්‍රශ්නයක් වෙනවා.

අන්තිම හේතුව තමයි සුර්ය කෝෂ දියුණු නොවෙන්න හා භාවිත නොවෙන්න, මට හිතෙන විදියට ප්‍රධානම හේතුව. කවුරුත් නොකියන , කාටවත් කියන්න බැරි , කිව්වොත් පස්සේ කරදර වෙන හේතුව. ඒ තමයි මහා පරිමාන තෙල් සමාගම් මේ සුර්ය කෝෂ වලට කැමති නැතිව ඇති කියන එක අහන්න දෙයක් නෙවෙයිනේ. කවුද කැමති ආදායම් මාර්ගේ නැති කර ගන්න ? ඒ නිසා මේ පරීක්ෂණ වලට වැඩිය මුදල් ගලන්නේ නෑ. මට හිතෙන විදියට පර්යේෂකයෝන්ටත් ප්‍රශ්න එනවා ඇති. 

මේ මොන ප්‍රශ්න ආවත් දැනට නම් අපිට ඉස්සරහට තෙල් නැති උනාම තියෙන්නේ විසදුම් කීපයයි. න්‍යෂ්ටික බලය, සුළඟ , මුහුදු රල සහ සුර්ය එලිය. මේ අතරින් පරිසර හිතකාමී සහ කාර්යක්ෂම කියන දෙකම තරමක් හෝ දුරට තියෙන්නේ සුර්ය කෝෂ වල. න්‍යෂ්ටික බලාගාර නම් නැති තරමටම තමයි හොඳ.

No comments: