Monday, January 23, 2017

නිර්මාංශයේ අහිතකර ප්‍රතිඵල මැයෙන් ‘ප්‍රභාස්වර’ අඩවිය පලකල ලිපිය පිලිබදවයි

වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් බ්ලොග් ඒවා පොඩ්ඩක් කියෙව්වා කාලෙකින් කියවන්න ගියේ නැති නිසා.
මෙන්න මගේ ඇහැ ගැටුන දෙයක්. ගිහින් කියවන්න බලන්න

https://vidathanet.blogspot.com/2017/01/blog-post_45.html

මම දන්න විදියට මේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ බ්ලොග් අඩවියක්. කියල තියන විදියට රාජ්‍ය ආයතනයක්. රාජ්‍ය ආයතනයක් ජන මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කරත්දි හරිම පරිස්සම් වෙනව. නිලධාරියෙක් එහෙම කරත්දි තමන්ට ඉහල නිලධාරින්ගෙන් අවසර ඉල්ලිය යුතුයි. එහෙම නොකලොත් විනය චෝදනා යටතේ එම නිලධාරියාට විරුද්ධව ක්‍රියා කරන්න පුලුවන්. අවුරුදු පහක රාජ්‍ය සේවක අත්දැකීම් තුලින් කියන්නේ. දැන් මම මෙහෙම කියන්නේ රාජ්‍ය සේවකයෙක් නොවෙන නිසා. නත්නම් මෙහෙම වෙනත් ආයතනයක් විවේචනය කරන්නත් මට අවසර නෑ.

දැන් බලමු මේ ලිපියේ අන්තර්ගතය. මොනවද මේ කියල තියෙන්නේ?
කවුද මේව කියනේ? 
කවුරු කියපුවද?
පිටරට බ්ලොග් එකක තිබුන දෙයක්.
පරික්ෂණ කරල, එම වාර්තා සමග පිලිගත් පුද්ගලයෙක්, නිලධාරියෙක් කියපු දෙයක්ද . නෑ ....

‍මෙන්න උපුටපු වෙබ් අඩවිය.
 https://caloriebee.com

මේ විදියට තමයි ඒ වෙබ් අඩවියේ කතෘ තමන්ව හදුන්වන්නේ.
“My real name is Zee Mercado, a work at home mom earning a living as a freelancer. I'm currently Virtual Assistant/Writer at Pacific Medical Training Solutions.
My other passion is crochet. I'm an avid crocheter and I do afghans, blankets, baby blankets, scarves and cowls.”

ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්ත්‍යංශය වෙන රටක freelancer කෙනෙක් කියන ඒවා පිලිගන්න කියල මහජනයාට කියනව.

දැන් මේ කියල තියෙන විදියට, මස් මාලු කන්නෙ නැති මිනිස්සුන්ට ලෝකේ තියෙන ඔක්කොම ලෙඩ හැදෙනව. මෙතන ලෙඩ වර්ග 45 ක් විතර තියෙනව.
දැන් මට තියෙන ගැටලුව තමයි හොදට මස් මාලු කන මිනිස්සුන්ට මේ කියන විදියට මේ ලෙඩ එකක් වත් නොහැදී තියෙන්න ඕන.
මම ජීව විද්‍යාව ගැන දන්නෙ නෑ. ඒත් මම දන්නව මානවයන් පැවතගෙන එන්නෙ වානරයන් පරිනාමනය නිසා කියල. එතකොට මේ වඳුරොන්ට මේ ඔක්කොම ලෙඩ හැදිල පරම්පරාව පවත්වගන්න බැරුව වඳ වෙලා ගිහින් තියෙන්න ඕන. හරි ඒවා ඕනත් නෑ.
 මට කියන්න තියෙන්නෙ පිට රට blog එකක් කොපි කරල හරියට මේ ලංකාවේ පරික්ෂණ කරල ඔප්පු කරල පෙන්නපු දෙයක් වගේ ලියන්න එපා. ඒ  foreign blog එක ලිව්වේ මොකෙක්ද කියල වත් දන්නවද ? අඩු ගානේ දොස්තර කෙනෙක් වත්ද ලිව්වෙ කියල දන්නවද?

තමන්ගේ පැවැත්මට අහින්සක සත්තුන්ගේ ජීවිත නැති කරන එක මම නම් අනුමත කරන්න නෑ.
විදාතා ආයතනය හොඳ සේවයක් කරනව. ඒක ඇත්ත. නමුත් වගකීමකින් තොර ප්‍රකාශ අනුමත කරන්න බෑ.
මේ ලියන ඒවා හරි නම් ඉහල නිලධාරියෙක්ගේ අධීක්ෂණයට යටත් විය යුතුයි. මට නම් එහෙම දෙයක් පේන්න නෑ.

Sunday, January 15, 2017

ත්‍රිමාණ දෘෂ්ටි මායා. (3D Optical Illusions)




මේ පින්තූරෙ මම මුලින් දැක්කෙ 1995 වගේ කාලෙදි. මම පොඩියි. හැමෝම කිව්ව ලස්සන බුදු රූපයක් පේනව කියල. ඒත් මට පෙනුනෙම නෑ. අවුරුදු ගානක් තිස්සෙ මම මේ පින්තූරයක් දැක්‍ක ගමන් අැස් පිය නොහෙලා බලන් ඉන්නව දැන් පෙනේවි දැන් පෙනේවි කියල. සමහරු කිව්‍ව පව් කාරයොන්ට පේන්නෙ නෑ කියල. මේ විදියට අවුරුදු විස්සකට පස්සෙ ඔන්න මට පෙනුනා මේ දෘෂ්ටි මායාව මගේ ලැප්ටොප්  එකෙන් මේ රූපෙ බලනකොට. මන් තාමත් දන්න‍ෙ නෑ ඇයි මේච්චර කල් මට නොපෙනුනේ කියල. මාත් ඉතින් එතනින් නැවතුනේ නෑ ඇහුව google දෙයියොන්ගෙන් මේ මොකක්ද කියල.කැමති අය ගිහින් කියවල බලන්න.  



ඕවා කියව කියව ඉන්න කම්මැලි අය මේ පහල තියෙන මේ වගේම තව මම හොයා ගත්ත රූප ටික බලල යන්න
ම‍ොබයිල් ෆෝන් එකකට වඩා පරිගණකයකින්ම බලන එක හොදයි. මට නම් මගේ ටැබ් එකෙන් පේන්නෙත් හෙන ගේමක් දුන්නම.